Tuesday, January 24, 2012

සරත් සමයේ විහඟ ගීතය 5

                  මම මේ ටික දවස ඉන්නෙ කොහොමද? මට නම් හිතා ගන්න බැහැ. කතා කරන්න වත් විදිහක් නෑනෙ. කෝල් එකක් ගන්න නම් පෝස්ට් ඔෆිස්ම යන්න ඕනෙ. ඒත් එයාට කොහෙට හරිම එන්න කියල තමයි කෝල් කරන්න වෙන්නෙ. ඒක හරිම කරදරයි. ලියුමක් එනකල් බලා ඉන්න වෙන්නෙ. නංගිලා දෙන්නගෙ හුරතලේ නිසා උදේට කාලෙ ගෙවෙනව දැනෙන්නෙ නෑ.


"
ආව් ආව්, අක්කිගෙ මූණ මේ ටිකේ පාට වෙලා." ලොකූ කියනවා
.


"
මොකෝ ලොකූ ඔයාට පිස්සුද
? "


"
නෑ, නෑ මොකක් හරිම රහසක් තියෙනවා ඔන්න
"


"
මේ ඔය ඕනෙ නැති ලෙඩ නම් දාන්න එපා ඔන්න අම්ම ඉස්සරහ, දන්නවනෙ හැටි
"


"
අපෝ නෑ අක්කි, මම එහෙම කරන්නෙ නෑ
"
මම අමාලිගෙ හිස අතගාන්නෙ සෙනෙහසින්. මම ළඟ නැති වෙලාවට ලොක්කි තමයි ගෙදර හොඳින් බලා කියාගෙන ඉන්නෙ. මම නිසා එයාට හරිම ආදරෙයි.


"
අපි අද හවසට ගලේ පන්සලට යමු" කතාව මඟ හරින්නත් එක්ක මම එහෙම කිවුව
.


"
ඒක නම් හොඳ අදහස. මාත් කාලෙකින් ගියේ නෑ කොහෙද අපේ අම්මට ඕවයෙ යන්න ඉවරයක් තියෙනවයැ
."


සවස මල් කඩාගෙන අම්ම එනකල් බලා හිටිය. අවසර ගත්ත ගමන් අපි පිටත් උණා. ගලේ පන්සල, අපිට ටිකක් දුරින් තියෙන්නෙ. උණාට කැලෑ පාරෙන් යන්න පුළුවන්.

අපි තුන් දෙනාම පාරෙ තියෙන ගඩා ගෙඩි කකා තමයි යන්නෙ. ඇඹුල් පේර කැලේ පිරිල. ඒව වැඩිය මට කොළඹ දී ලැබෙන්නෙ නැති නිසා හරිම ආසයි. හිමින්, හිමින් යනකොට ගමේ අයත් අපිට මුණ ගැහෙනවා.බණ්ඩාර මාමයි, මැණිකෙ නැන්දයි අපිත් එක්ක නැවතිලා කතාකළා. මගෙ විස්තර, තමයි වැඩියෙම. අප්පච්චිගෙ ආශාව නම් මම වෛද්‍ය වරියක් වෙනව දකින්න කියල මැණිකෙ නැන්ද කියනවා. මම නිහඬවම හිනා උණා
.


"
අප්පේ ඇති යාන්තම්" එතනින් ගැලවුණාම පොඩ්ඩි කියනව එයාලට ඇහුණද? දන්නෙ දන්නෙ නම් නෑ.

  මම පොඩ්ඩිගෙ ඇඟට පාරක් ගැහැවුවා. එයා හිනා වෙලා "අක්කි , දන්නෙ නෑ එයා අවාම හැමදාම ඔයාගෙ විස්තර අහනව ඉවරයක් නෑ. සමහරවිට අතුල අයියාව ඔයට දෙන්න හිතේ ඇති එයාගෙ"


"
හරිම වැඩේ, ඒක නම්, එයාට මේ ආත්මෙදි නම් ඒක කරන්න වෙන්නෙ නෑ කියල දැම්මම කිවුවොත් හොඳයි
"


"
අනේ, අනේ අක්කි ඔයා ඕවට කලබල වෙන්න එපා ඉතින්. එයා අපිට නිකම් ඉඟි කරනව විතරයි නේ තාම"
ලොකූ කියනව මහ පැහිච්ච ගානට.


අපි සවස් ඇඳිරිය වැටෙන්න කලින් විහාරයට ආව. පොඩි හාමුදුරුවො මාව දැක්ක ගමන්ම

 
"ආ .. මේ අපේ අනූපමා නෝනත් කොළඹ ඉදල ඇවිත් තියෙන්නෙ. කොහොමද ? නෝන, විභාගෙ හොඳින් කළායැ"

"එහෙමයි අපෙ හාමුදුරුවනේ, පුළුවන් විදිහට හොඳින් කළා. මේ ටිකේ මට නිවාඩු හින්ද මම ගෙදර ආව"

   "ඒක හොඳයි නෝනෙ, පන්සලට ආව එක. එහෙනම් විහාරයට ගිහින් එමුකො පිරිත් නූල් ටිකක් දෙන්න."


අපි විහාරයට ගිහින් මල් පහන් පූජා කළා. හරිම නිස්කලංකයි මේ පන්සල. පිළියන්දල වගේ නම් නෙවෙයි. මම විහාරය වැන්දාට පස්සෙ නංගිලත් එක්කම වැදුම් ගෙට ගියා ලොකු හාමුදුරුවන් සමඟ පොඩි හාමුදුරු වොත් බලා ඉන්නව අපි එනකල්. දෙන්නාටම දණ ගහල වැඳලා අපි පිරිත් නූල් අරගෙන එනකොට යන්තමට කළුවර වෙලා. මීඳුම් දුමාරය සමඟ සීතල ඇඟ කිළිපොලා යනවා. අපි ඉක්මනින්ම පල්ලම් බැස්ස ගෙදර දිහාවට.



අම්ම මඟ බලාගෙන ඉන්නව දැක්කම හිතට දුකක් ආව. අපි ගෙට ඇතුල් වෙන කොටම අප්පච්චිත් එන බව අපේ බලු පැටියගෙ සද්දෙන් අපි දැන ගත්තා. අපි ගොඩක් කාලෙකින් මෙහෙම ගමනක් ගියේ. හැමෝම කාලෙකින් රෑ කෑම මේසෙට වාඩි උණේ හරිම සතුටින්. අම්මගෙ රස නෝකෝල් මාළුවයි, හාල්මැස්සන් බැදුමයි පරිප්පු සමඟ පොල් සම්බලය සමඟ බඩ පිරෙන්න බත් කෑව හැමෝම. රෑ පිඟන් ටික අස්පස් කරල සේරමල එළියට ආවෙ සීතලේම පිපෙන තරුමල් බලන්න. කඳුයායට උඩින් පේන හඳත් එක්ක වටේට පිපෙන තරුමල් බලන්න කවදත් මං හරිම ආසයි. 




 

Sunday, January 22, 2012

සරත් සමයේ විහඟ ගීතය 4


මම හොඳින් පාඩම් වැඩ කෙරුව. මගෙ හිතේ තිබුණෙ එකම අධිෂ්ඨානයයි. හැමදාම නොවරදවා ක්ලාසස් ගියා. පාසැලේ වැඩත් බාහිර දේවල් හැම දෙයක්ම කළා. කළා කටයුතු වලට මගෙ මුල් තැන . සාහිත්‍ය සංගමේ වැඩ විවාද තරඟ හැම දෙයක්ම මම කළා. ගෙදරින් ලැබුණ සහය නිසා හැම දෙයක්ම කොහොම හරි කරගන්න ශක්තිය ලැබුණ කියල මට හිතෙනවා.   අතර අපි අතර තිබුණ ආදරයත් කෙමෙන් කෙමෙන් වැඩුණ. අපි නිතර හමුවෙලා කතා නොකලට අපි දෙන්නම දන්නව දෙන්නට දෙන්න ආදරේ බව. නිසා අපි අපිට අවංකව හිටිය. අපි දෙන්නම දැක්ක තැන නැවතිලා කතා කරනව. ගෙදරින් එහෙම කතා කළා කියල ප්‍රශ්නයක් නෑ. අපි යාළුවො කියල අහල පහළ අයත් දන්න නිසා ලෙඩක් වැටුණෙ නෑ.


මෙහෙම කාලය යනකොට මම O/L කරන්න ලෑස්තියි. විභාගෙ දිනවලත් එයාට පන්ති. මට ඉඳල හිටල හමු උණා. විභාගෙ ගැන ඇහුව මිසක් වෙන කතා නෑ. අන්තිම දවසෙ මම කොහුවලින් බස් එකට නඟින කොට ඒකෙ ඉඳල මාත් එක්ක කථා කළා. අපි එකටම ආවෙ ගෙදර ළඟට එනකල්. මම කිව්ව මට එයා ගත්ත ඔල් කරන්න ඕනෙ කියල. එයා ඇහුව මම සඳහා ප්‍රගති යනව නේද ? කියල. මම ඔව් කිවුව. අපි දෙන්නම ඉංග්‍රීසි ක්ලාස් එකකට අසංකිත් එක්ක යන්න කතා උණා.   නැත්නම් අපිට හම්බ වෙන්න විදිහක් ඇත්තෙම නැතිවෙයි. මම හොඳට එක්සෑම් කල නිසා සතුටුයි කියල කිවුවා. මම කිවුවා රිසල්ස් ආවම බලන්න කියල. මට සුබ පතල හිනාවෙලා එයා ගෙදර ගියා.


අපි ආයෙත් ප්‍රගතියෙදි හම්බ වෙන්න ගත්තා. එයා ආපසු වැඩ දෙකක් කළා සම්මාන ඕනෙ කියල. මම කළේ වැඩ හයයි. මොකද මට ඕනෙම විෂයන් ටික විතරක් කළා. අතර අපි ඇලෙක්සැන්ඩ්‍රාවට ගියා ඉංග්‍රීසි ක්ලාස් එකට. යන අතර අපිට ගොඩක් වෙලා ලැබෙනව එකට යන්නත් , කතා කරන්නත්. අපි හැම දෙයක් ගැනම කතා කරනවා. වාද කරනවා. පරිසරය , සත්තු, ගෙදර දේවල්, ප්‍රශ්න, හැම දෙයක්ම අපේ මාතෘකා වෙලා. මට හැමදාම සෙනෙහසින් අකුරක් ලියන්නත් අමතක කරන්නෙ නෑ. ඒක මට ලැබෙන කල් මම බලාගෙන ඉන්නවා. මේ හැම දේම සිද්ධ වෙත්දි අපි ගොඩාක් ආදරෙන් බැඳිල  ඉවරයි.      


මගේ හැම හීනයක් තුළම එයා හිටිය. හැම හීනෙම අපි දෙන්න ගෙ ජීවිත රැඳිල තිබුණ . මගෙ මුලු ලෝකෙම එයා වෙලා තියෙන කොට මගෙ O/L  ප්‍රතිඵල ආව. මම හිතුවට වඩා හොඳින් පාස් වෙලා. කොහොම හරි මට මෙඩිසින් කරන්න පුළුවන්. ඒක මට ලොකු සතුටක් ගෙනාව.
පරණ O/L කරන්න කාලෙ හරි. මම දැන් ඒකට ලෑස්තිවෙනව. එයත් මාත් එක්ක විභාගෙට වාඩි වෙනව. අපි දෙන්නම මහන්සි උණා හොඳින් විභාගෙ කරන්න.


ජනවාරිය ලබත්දි ඒකත් ඉවරයි. මම නිවාඩුවට නුවර යනව. ඒක කිවුවහම හරියට දුක් උණා. මොනව කරන්නද? මම යන්නම ඕනෙ අම්මලා ගාවට. අපි එකටම කාලයක් හිටිය නිසා දුක වැඩියි. අසංකිත් එයාගෙ O/L වලට මේ අවුරුද්දෙ  ලෑස්තිවෙන නිසා එයාත්  හරිම අවිවේකියි.   මම මගෙ මුළු හිතම එයා ළඟ තියල නුවර ගියා.



ගෙදර ගිය මට දැනුනේ මහත් පාළුවක්. මම උදේම නැගිටිටේ සිතල සුළග මුසුවූ මීඳුම් සළු පොරෝගෙන ඉන්න ලස්සන හන්තාන කඳු වලල්ලට වැටිච්ච හීන් හිරිපොද එක්ක. ජනේලය ගාවට ආවහම ඇත පේන කදුයායෙ ලස්සනින් මොහොතකට වත් නෙත් අහකට ගන්න හිතුනෙ නෑ. නංගිල දෙන්න උදේම නැඟිටල අම්මට උදව් වෙනව. එයාලටත් නිවාඩු නිසා මට ටිකක් හරි හොඳයි වගේ. ටික වෙලාවක් කඳුයාය දිහා බලා ඉඳල මම ගියා කුස්සිය පැත්තට. අප්පච්චි උදෙන්ම යන්න හදන්නෙ. අම්ම එයාගෙ බත් එක ඔතනවා. මම දොර ළග බලා ඉන්න කොට " ආ ලොකු දූ ඔන්න ඔයාගෙ තේ එක බොන්න"  කියල අම්ම කියනවා.


" මමත් දැන් යන්න ඕනෙ. ඔයා නංගිලත් එක්ක ඉන්න"  කියල අප්පච්චිට බත් එක දුන්න.


තේ එක අරගෙන මම කෙලින්ම ආවෙ ඉස්සරහට. අපේ ගෙදර ඉස්සරහට හන්තාන කඳු වලල්ලම ලස්සනට පේනව. මම ඒ දිහා ආසාවෙන් බලා හිටිය. රවිඳු අයියා මොනව කරනව ඇතිද? එයා අද දුකෙන් ඉඳියි මම නැතිව. මගෙ හිතත් විස්සෝපයෙන් වගේ. අපි දෙන්නම ඉක්මනට හමුවේවි කියල හිත හදා ගත්තා.  ලොකු හා පොඩ්ඩි එක පරටම කොහෙද ඉඳල දුව ගෙන ආව.


 " කොහෙද ගියෙ දෙන්නාම?" මම පුදුමෙන් ඇහුව.


" අපි අත්තම්මලාගෙ ගෙදර ගියා අක්කා, ඔන්න අත්තම්මා කිවුවා ඔයාට උදේට කන්න කිරිබත් තියේ කියල එහාට එන්න කියල" ලොකූ කිව්වා.


" එහෙනම් මම ලැහැස්තිවෙන්නම් එහේට යන්න" කියල මම ගේ ඇතුලට ගියා.


ඉක්මනින්ම මුහුණ සෝදාගෙන අත්තමලාගෙ  ගේ දිහාවට පල්ලම් බැස්ස හිමිහිට. ආත්තම්මා මග බලාගෙන ඉන්නවා මම ඈතදිම දැක්කා.


" කොහොමද ලොක්කියෙ විභාගේ හොඳින් කලා නේද? " කියල මගෙ හිස අතගාමින්ම ඇහුව.


මම " ඔව් අත්තම්මෙ" කියාගෙනම ගෙට ඇතුල් වුනා.


මේසය මත කිරිබත් හා පැණි වළලු තිබුනා. එකපාරටම අත ගියේ පැණි වළල්ලකට. ඒකත් කටේ දාගෙනම පිඟාන අතට ගත්තෙ කිරිබත් කන්න.
අත්තම්මගේ ප්‍රශ්ණ පත්‍රයට උත්තර බඳින්න දවසම මදිවෙයි වගේ මට. අතොරක් නැති ප්‍රශ්ණ මාලාවක් අහනව.


මම ඉක්මනින්ම කිරිබත් කාල එන්න පිටත් උනා. ගෙදරට එන ගමන් හිත හිතා ආව මම කොහොමද මෙහෙම ඉන්නෙ කියල. මට නම් දැනටම පිස්සු වගේ. හරිම පාළුයි.