Sunday, March 29, 2015

සයිබර් අවකාශයේ හමුවූ ආදරය! ආදර දේවි.







කාලෙකට පස්සෙ  අපේ පලමු හමුවීම සිදු උනේ මෙහෙමයි. 

දෙවියනේ! මේ, දේවින්දි නේද? හිතා ගන්න වත් බෑ මට. කොච්චර කාලයක් හෙව්ව ද? මම. දැන් අවුරුදු විසි පහකටත් වැඩියි නෙ. තාම ඒ වගේමයි. ටිකක් යාන්තමට වයස ගතිය පේනව. ඒ උනාට මුහුණ හැඩ රුව එයාමයි. මැසේජ් එකක් වත් දාල බලන්න ඕනෙ එයාම ද? කියල.

එත්........ එයාට කරදරයක් වෙයි ද? එයාව මගෙන් ඈත් කරන්න එයාගෙ අම්මල ගත්ත වෙහෙසක්. ඒ ප්‍රයත්නයෙ ප්‍රතිඵලය තමා මම අදත් එයා ගැන බලාගෙන් ඉන්නෙ. එයා විවාහකයි. බබාල ඉන්නව ද දන්නෙ නෑ. මහත්තයාත් එහෙන් හොයා ගන්න ඇති. එයාල ඔස්ට්‍රේලියාවට සංක්‍රමණය උනේ නම් මාව එපාම නිසාම තමා. මම අද ඉන්න තැන එයාල ට කිට්ටු වෙන්නවත් බැහැ කියල දන්නෙ මම නෙ.
කොයි එකටත් මැසේජ් එකක් දාල බලනවා.


ආදරණීය දේවින්දි,
අද ඔයාව අවුරුදු විසි හයකට පස්සෙ ඔන්න දැක්කා මූණු පොතේ. ඔයාට මාව මතකද? ඔයාව දැක්කම ඇති උන සතුට කියන්න මට වචන මදි රත්තරං. මම කොච්චර නම් හෙව්වද? ඔයාව. මට පුලුවන් නම් මේල් එකක් එවන්න. මේ මගේ මේල් ඇඩ්‍රස් එක. ශරිත්123@ජීමේල්.කොම්.
කවදත් ආදරේ ශරි.

දවස් කීපයක් ගත උනා උත්තර නෑ. කරදරයක් වුණා ද? දන්නේ නෑ. මේ ටිකේ ඔන් ලයින් ඉන්නවා දක්කෙත් නෑ

බලමු අදවත් මේල් එකක් තියෙවිද කියලා.

ම්........ යාන්තම් ඇති. උත්තරේ ඇව්ත්.


ආදර ශරී,
මම දැනුයි ගෙදර ආවෙ. මැසේජ් එක ඇවිත් කීප දවසක්. නමුත් අපි පොඩි නිවාඩුවකට ටවුමෙන් පිට ගිහින් හිටිය නිසා ලියන්නට නොහැකි උනා. පුදුමයි ඔයාගෙ මැසේජ් එක දැක්කම. යාන්තම් මගෙ හිතට සහනයක්. අවුරුදු ගානක් ඔයා කොහෙද ? කියල මමත් හෙව්ව ශරී. මගෙන් එයාල පළිගත්තෙ ඔයාව මගෙන් ඈත් කරල. ඒ උනාට මට ලැබුන මහත්තයා රත්තරං . එයා මාව ආදරෙන් බලා ගන්නවා. ඒ සතුට මට ඇති
ඔයාට මොනව උනාද කියල නොදැන මම හරිම දුකෙන් හිටියෙ. ඉතිං ඔයා බැඳලා ද? බබාල ඉන්නවද? මට නම් පුතාල දෙන්නෙක් ඉන්නවා. එක්කෙනෙක් දැන්  ඒ ලෙවල් කරනවා. අනෙක් එක්කෙනා 9 වසරෙ. අපි ඉන්නෙ මෙල්බන් නගරෙ. යාන්තම් පොඩි ගෙයක් ගත්තා ලඟකදී. මේ වෙනකල් අපි හිටියෙ ටවුමෙන් ටිකක් ඈතින්.  දරුවන්ගෙ ඉගෙනීම් නිසා අපි ලඟට ආවා. ඉතින් ශරී,  විස්තර ලියන්න. මම මගෙ මේල් එක මේ සමඟ එවනවා.

ඔයාට දළදා සමිඳු පිහිටයි!


ආදර දේවි.

 ගෙදර ආවෙ දැන්. ස්තූතියි! මේල් එකට. මාත් කාලයක් බලා හිටිය ඔයා ගැන විස්තර දැනගන්න. අනෙක් අය, ඒ කියන්නෙ මගෙ සඟයො ටික සේරම නිදි. දැන් වෙලාව පාන්දර 1.00යි. මේ වෙලාවට තමයි වැඩ ඇරිල එන්නෙ. ඔයාට මගෙ නමෙන් නැතිව මට මෙල් කරන්න පුළුවන්ද? මට මෙහේ අය සේරම කියන්නෙ ශරි. නමුත් ඔයාට මම නමක් දෙන්නම් ලැරී කියල. ඒක පහසුයි, මම හිතන්නෙ. මේ මේල් එක පාවිච්චි කරමු. ඒක අපි දෙන්නාටම හොඳයි. ඒක අපි දෙන්නාටම විතරයි. 
දේවි, අදට ඇති. 

හැමෝම සුවෙන් කියා හිතනවා. 


මේ ඔයාගේම ආදර ලැරී. 



විස්තර බලාගෙන හිටිය අදත්, කෝ තාම නෑ. හවසට වත් ඒවි මයෙ හිතේ.


ආදර ලැරී,
ඔයාට මම මේ මේල් එක එවන්නෙ. අද ඉඳලා මම ජෙසි. හොඳා නේද නම. මේ මෙල් ලිපිනය තමා අළුත්ම ලිපිනය. විස්තර ගොඩයි කතා කරන්න, ඒත් අදට ඇති.

ආදර ජෙසී.

දේවි , ජෙසී ලෙසින් ආයෙත් මගෙ ලෝකෙට ඇවිත්. ඒ ලස්සන ලෝකෙ මවන්න අපි දෙන්නට ආයෙත් පුළුවන් වෙන එකක් නෑ.  ඒ ආදරේට ආයෙත් පණ නොදුන්නට අපිට තාමත් ආදරෙන් ඉන්න තහනමක් නෑ. අපි අපේ ජීවිත අවුල් කරගන්නෙ නැතිව ඉන්න බලමු.

දින කීපයක් මම බලා හිටිය තව ලියුමක් ජෙසී ගෙන් එනකල්. 

එදා ඉරිදා දවසක්, මම එදා ගෙදර. ගෙවත්තෙ මල් වලට සාත්තු කරල , දවල්ට කෑම කාල එහෙම  ලැප් එක ගත්තෙ මේල් බලන්න.

ආදර ලැරී,

ඔන්න මම අදත් ආවා. ඔයාට මුලින්ම මම කියන්න ඕනෙ, මම මගේ පවුල් ජීවිතේ අවුල් කරගන්න කැමති නැති බව. පළමුවෙනි කාරණාව ඒක. 
අනෙක කිසිම වෙලාවක ඔයාවත් මම වත් හමුවෙන්නෙ නෑ කියන එක. 
අනෙක ඔයාවත් මමවත් අපි දෙන්නාට අයුතු යෝජනා නොකරන එක. 
මේ කොන්දේසි උඩ කිසිම විටෙක අසභ්‍ය වචන භාවිතයෙන් තොරව අපි කතා කරමු.  මේ වට එකඟ විය හැකිනම් තමයි මේ කතා බහ.

ඉතින්, මගෙ විස්තර ඔයාට කියන්න බලා හිටියා මදැයි. කොච්චර කල් ද?

ඔයා දන්නවනෙ අපි වෙන්වුනාට පස්සෙ කවදාවත් ඔයාව මුණ ගැහෙන්න මට මගෙ දෙමාපියන් ඉඩ දුන්නෙ නෑ. ඒ එයාලගෙ වංශෙට ඔයාව නොගැලපුන නිසා වෙන්නැති. මාව මෙහෙට ගෙනාවෙ මටත් හොරෙන්. එයාල මට මෙහෙ විශ්වවිද්‍යාලයෙ යන්න කියල මාත් එක්ක ආවත් පදිංචි වෙන්න තමයි ප්ලෑන් කරල තිබුනෙ. මම ඒබව දැන ගත්තෙ ගොඩාක් පස්සෙ. මම ඒ හැමදේම ඉවසන් හිටියෙ ඔයාට තියෙන ආදරේ නිසා රත්තරං. එයාල  ඔයාට මොනව කරාවිද? කියන බයට මම හැම වේදනාවක් දුකක්ම ඉවසුවා. ඔයා දන්නවනෙ ලොකු අප්පච්චිගෙ ඇමති කම නිසා එයාල හැම හයියක්ම පෙන්නුවෙ ඒ හයියෙන් කියල.  
නමුත් කාලයත් එක්ක මට ඒ පරිසරයටත් ඒ රටටත් හැඩ ගැහෙන්න උනා.
ඔයාව හැම මොහොතෙම මට මතක් උනා ලැරී, ඒ උනාට මම හරිම අසරණ වෙලයි හිටියෙ. නොදන්නා රටක ජීවත් වෙන්න උනාම තමයි ඒ දේ කාටහරි තේරෙන්නෙ. 
යාළුවෙක් කියල මට කවුරුත්ම හිටියෙ නෑ.

විශ්වවිද්‍යාලයෙ ගෙවුනු අවුරුදු හතරට වත් මට ලඟ යාළුවෙක් හිටියෙ නෑ. මම හොඳින් හැම වැඩක්ම කලා. ඔය අතරෙ මට විවාහ යොජනාවක් ආවෙ අපි අඳුරන ආන්ටි කෙනෙක් ගෙන්. මළින්ද අපේ රටේම කෙනෙක්. එයා හරිම හොඳ කෙනෙක්. මම එයාට කැමති වුනේ එයාගෙ තිබුන හොඳ ගති ගුණ වලටමයි. අපි මුණ ගැසුනෙ පන්සලේ උත්සවයකදි. ආන්ටි යෝජනාව ගෙනාවට මම එයාව දැගෙන හිටියෙ නෑ. එදා අපි දෙන්නා කතා කරල තමයි හඳුනා ගත්තෙ.
එදා ඉඳල මළින්ද මගෙ හොඳම යාළුවෙක් වුණා. එයාගෙ අම්මා තාත්තා වෙන ටවුමක හිටියෙ. ඒ දෙන්නාම අපේ අම්මලා දැනන් හිටියා. එයාටත් එයාගෙ පළමු පෙම්වතිය ඈත රටකට ගිහින්. අද ඈ ඔයා ඉන්න රටේම විවාහ වෙලා ඉන්නවා. මට ඈව කීප දිනක් ලංකාවෙදී හමු වුණා.  මුලදී මටත් ටිකක් අමාරු උනා ඒ හමුවීම. නමුත් දැන් මා හොඳින් තේරුම් අරන් ඉන්නෙ එයාල දෙන්නාවම. ඈ හරිම අවංක යහළුවෙක්. මට නිතර කතා කරනවා, ලියනවා. අපි සුහදව හොඳින් දැන් ආශ්‍රය කරනවා. 
ඉතින්, ලැරී ඔන්න මගෙ විස්තර ටිකක් කීවා. මම ඔයාට ඉතිරි ටික පසුවට කියන්නම්. අදට මේ ඇති. මට පුතාව ගන්න යන්න වෙලාව හරි. හෙට මේල් එකක් එවන්නම්.

මේ ඔයාගෙ ආදර ජෙසී.



Tuesday, March 17, 2015

සරත් සමයේ විහඟ ගීතය 9







රවිඳු ගියාට පස්සෙ මහ පුදුම පාළුවක්. හිත හදා ගන්න බෑ මට. මගෙ ඇස්වල කඳුළු මං වහන් කර ගත්තේ අමාරුවෙන්. අසංකි අහක බලාගෙන ඉන්නෙ මං දිහා බලන්න බැරිව වගේ. දෙවියනේ, රවිඳු පරිස්සමින් ගෙදර යන්න ඕනෙ. අම්මලා මඟ බලාගෙන ඉන්නවා ඇති අපි එනකල්. නුවර පේරාදෙනිය කැම්පස් එක පහු කරල ගම්පල පාරට අපි ආව ඉක්මනින්ම. 
හැම පැත්තෙම මීදුම. පාර හරියට පේන්නෙ නෑ. පහල කඳු යාය තැනින් තැන වැහිල ගිහින්. හරිම ලස්සනයි. ඒත් ඒ ලස්සන පේන්නෙ නෑ මට. දෑස් තෙත් වෙන්නෙ ඉබේටම. ගම්පල ටවුමට අපි කිට්ටු වෙනකොට දහයට කිට්ටුයි. අප්පච්චි සමහරවිට ඇවිත් හිටීවි කියල හිතුන. ඒ වගේම අපි බස් එකෙන් බහින කොට අප්පච්චි එතන ඉන්නවා. අප්පච්චිට හරි සතුටුයි අසංකිත් ඇවිත් නිසා. ඇගේ හිස අතගාල "කොහොමද? දූ" කියල අප්පච්චි ඇහුවෙ අපි දෙන්නාගෙන්ම. 
අසංකි හිනා වෙලා " හොඳින් ඉන්නවා මාමෙ" කිව්ව.

අපි ආයෙත් ගමට යන්න බස් නැවතුමට ගියා. බස් එක එන්න තව විනාඩි දහයක් වගේ තියෙනවා. අපි එතකල් කතා කර කර හිටිය. නංගිල දෙන්න මග බලා ගෙන ඉන්නෙ කියල අප්පච්චි කිවුවෙ හිනා වේගෙන. 
ගෙදරට එනකොට එකොළහ පහුවෙලා. අම්මගෙ බත් මුට්ටියෙ සුවඳැල් සුවඳින් ගේම පිරිල. නංගිල දෙන්න දුවන් ආවෙ එක පිම්මට.

"අසංකි අක්කි ඔයා ආව එක නම් හරි ෂෝක්. අපිට ඇවිදින්න යන්න පුළුවන්. අනේ අක්කි ඔන්න ඉක්මනින් යන්න එහෙම හදන්න එපා හොඳේ. අක්කි ඔයා හොඳින්ම එක්සෑම් පාස් නේද? අපේ අක්කි අපිට කෝල් කලානෙ අක්කි".
ප්‍රශ්ණ වැලක් නංගිලා ගෙන් අසංකිට.

මම ඉන්නවද කියල වත් ගානක් නෑ. මටත් හිනා මේ දෙන්නගෙ වැඩ වලට. 

අම්මා ඉක්මනින්ම දවල් කෑම ලැහැස්ති කලා. වම්බටු අච්චාරු, අලකොළ මාළුව, කෙසෙල් මුව තෙල්දාල, මාළු මිරිසට උයලා පරිප්පු සමඟ සුවදැල් බත්. රසම රසයි කියල අසංකි කෑම කනව. මටත් කාලෙකින් අම්මගෙන් බත් කටක්. රසයි. 


හැන්දෑවෙ අපි අත්තම්ම බලන්න යන්න කතා උනා. අත්තම්ම මේ ටිකේ අසනීප ගතියෙන් ඉන්නෙ කියල අම්ම කිව්ව.
අපි හැන්දෑවෙ අත්තම්ම බලන්න ආව. ඈතදිම අත්තම්ම අපි එන මග බලා ඉන්නව දක්ක. වෙනදා වාගෙම ගෙට ඇතුල් වෙනකොටම මේසෙ පුරවලා කෑම. කොහොම දැනගත්තා ද මන්දා අපි එන වග. අම්මා කියන්නැති මයෙ හිතේ. අසංකි දණ ගහල අත්තම්මට වැන්දා. මාත් ඒ සමඟම වැන්දා. 
"මොකෝ අත්තම්මා ටිකක් අසනීපෙන් ය කියල අම්ම කීවෙ?"
" ආ ලොක්කියෙ ඒ ඉතින් වයසට එක අසනීප නේ මයෙ දුවේ"
" ඉතින් පුංචි එහෙම කොහොමද? නැන්දලා සනීපෙන් ද? චූටි දූත් ආව එක හොඳයි අක්කි එක්ක"
"මෙහේ ටික දවසක් ඉන්න් පුළුවන් නෙ දූට නේද?"

"ඔව් අත්තම්මෙ, අපි ඉතින් සති දෙකක් වගේ ඉන්න තමයි හිතා ඉන්නෙ"
"අන්න, ලොක්කියෙ අපෙ හාමුදුරුවොත් ඔයාව මතක් කලා ආවහම ඇවිත් යන්නයි කියල" 
"ඔව් , අත්තම්මෙ යන්න ඕනෙ පන්සල පැත්තෙත්, අපේ කිරි අත්ත එහෙම ආවෙ නැතැ  යි මේ පැත්තෙ?"
උන්දැත් දැන් නිතරම් ලෙඩ ගානෙ මයෙ දුවෙ. පුළුවන් වෙලාවෙක බෝවල පැත්තෙ ගොහින් එන්න කො."


අපි ටික වෙලාවක් අත්තම්මගෙ සත්කාර විඳ විඳ හිටිය. එන්න පිටත් උනේ කළුවර වැටෙන්න ඔන්න මෙන්න තියලා. ඈත අම්බුළුවාව යන්තමින් පේන්න ගත්තා. කාලෙකින් යන්න බැරි උනා මට. පහල බෑවුමේ ලස්සන! හිතක් නෑ එන්න .



අම්මයි, නංගිලයි බලා ඉන්නව අපි එන පෙර මග. රෑ කෑම පිළියෙල කරල තියල හැමෝම එළිය පුටු තියාගෙන ඉන්නෙ අපි එනකල්. යාන්තම් තරු එකින් එක මතුවෙනව. ඈතින් හඳ පළුවක් යන්තමට පේනවා. කොකෝවා ගහේ ඉදල මා වවුලෙක් පියාඹගෙන ගියා. සතුටින් කට්ටියම ඉන්න වෙලාව.


කියන්න අහන්න විස්තර ගොඩයි කට්ටියටම. පැයක් විතර ආගිය විස්තර කතා කලා අපි.
අම්මගෙ රසවත් රෑ කෑමෙන් පස්සෙ ඇග පත සෝදාගෙන නින්දට වැටුනෙ ගමන්  මහන්සියත් එක්ක. රෑ යාමෙ හොඳින්ම නින්ද යාගෙන එනකොට මතක් උනේ රවිඳු කරදරයක් නැතිව ගියා ද? කියල. ඒත් ඉතින් කොහොම දැන ගන්න ද? එයා ලිපියක් එවන කල් ම ඉන්න එපා යැ. අසංකිට තදින්ම නින්ද ගිහින්. මහන්සියට වෙන්නැති. කරදර කරන්න හොඳ නෑ. මගෙ හිත නම් හරිම නොසංසුන්. පාන්දර වෙනකල්ම අමුතු හීන පෙනි පෙනී නින්ද ගියෙ. එහෙට මෙහෙට හැරෙමින් කල් යැව්ව මිසක් තද නින්දක් නම් ආවෙම නෑ වගේ. 
පහුවදා පාන්දර මට තදින් නින්ද ගිහින්. ඇහැරෙන කොට අසංකියි මගෙ නංගිල දෙන්නයි උදේම ඇහැරිලා. එළියෙ ඇවිදිනව මහ සීතලේ. අසංකි නම් මේ පරිසරයට හරිම ආසයි. ඒ නිසා වෙන්නැති එළියටම වෙලා ඉන්නෙ. 
දහවල් අපි ටවුමට යන්න හිතුව. මගෙ පාසැල් මිතුරියන් කීප දෙනෙක් බලන්න. නංගිල නම් එන්න කැමති උනේ නෑ. අසංකිත් ඒ නිසා එයාල එක්කම හිටිය. මම තනියම ගියෙ එයාල බලන්න. ටවුමෙන් බැහැල ආයෙත් උඩහට ගියෙ රවින්දිලාගෙ ගෙදරට.
"ආනේ, අනූ! කොහොමද කෙල්ලෙ, කවදද? ආවෙ මම එන්නත් හිටියෙ නැන්දගෙන් විස්තර දැන ගන්න"
" ආ ........... ඒක නම් බොරුවක්, නංගිල දෙන්නම කිව්වෙ ආවෙ වත් නෑ කියල"
" ඒ නම් නංගිලගෙ බේගල්, මට දැන් සතියකට කලියෙන් නැන්දව හමු උනා ඉස්කෝලෙදි"

"ඉතින් , ඉතින් කෙල්ල ලස්සන වෙලා , කියන්නකො අළුත් තොරතුරු"

"ආ , ඇයි මයෙ විතරක් ඔයාගෙ විස්තරත් කියන්නකො. කොළඹ පුංචි මහත්තයා සනීපෙන් ද?"

"ම්.........ඉන්නව ඉන්නව. මාත් එක්කම ආව. අනෙක් පැත්තට ගියා. මම දන්නෑ එයා කරදරයක් නැතිව ගියා ද කියලවත් රවි."

" කොහොමද ඉතින්? යමු අපි ගෙට අම්මත් ඇති අරහෙ."

අපි දෙන්නම පිළිකන්න පැත්තට ගියා. ලස්සනට මල් වවලා ගෙවත්ත හරිම පිලිවෙළයි. රවි මේ දවස්වල ගෙදර නිසා වෙන්නැති.


Wednesday, July 18, 2012

සරත් සමයේ විහඟ ගීතය්..... 8



කාලෙකින්
 එන්න බැරි උණාඒකට සමාව ඕනෙ

විභාග යෙදිලකොහොම හරි ඒව ඉවර වෙලා නිවාඩුවට ආවා.

 ඉතිරි හරිය දැන් කියවමු.

ස්තූතියි! ආයෙ ආවට.  ~~~~~~~~~~~~~~.


අසංකි විභාගයට වාඩි උණාමාස ගාණකට පස්සෙ අපේ 

විභාගයට කලින්  ප්‍රතිඵල ආවා හොඳින් සමත්

අපි දෙන්නටත් හරිමසතුටුයි.

එයාත් අපි වගේම විද්යාව විෂයන් තමයි තෝරගත්තෙ

ඒක හොඳයි අපිට එයාට උපකාර කරන්න පුළුවන් වෙයි

කොහොම කොහොම හරි ඉතින් අපේ විභාගය ලං උණා

මේ අවුරුදු දෙක ගෙවුණෙ කොහොමද කියල හිතාගන්නවත් 

බැහැකාලය යන ඉක්මනඅපි බෙල්ලන්විල පන්සල් ගියා

හරිම නිදහසේබුදුන් වැඳලා ආවදෙන්නම  දිගට කතා කර 

කර පයින්ම ආව හන්දියටරවිඳු මට හොඳින් විභාගෙ 

කරන්න විශ්කරල මාව ගේ ළඟින්ම ඇරලලයි ගියේ.  

පහුවදා උදේම මම නැගිට්ටෙ විභාගෙට යන්නපුංචි කිරිබත් 

හදලමට දුකත් හිතුණ දැක්කමඅනේ , මෙහෙම 

ආදරයක්.මට බය වෙන්න දෙයක් නෑමම හොඳටම 

ලෑස්තියිකාලය නම් මදි තිබුණ වැඩ වලටඅම්මා කලින් 

ඇවිත් ගියා අප්පච්චිත් එක්ක.අවවාද ගොන්නක් දීලමම 

හිතුවෙ පුංචි මගෙ විස්තර කියලදකියල

ඒත්  බවක් දැනුණෙ නම් නෑ


හැමදාම වගේ රවිඳු ඉන්නව බස් නැවතුමේ

"
ගුඩ් මෝනිංඅනූකොහොමදවිභගෙට ලෑස්තිද?”

"
ගූඩ් මෝනිංඔව් ඉතින් මේ ටිකේම ලෑස්ති උනානෙ

ඔයා අද එනවද මාත් එක්ක යන්න?"

"
හ්ම්හැමදාම ආව එකේ අදත් ඉතින් ඉන්නම් කො 

ළඟින්ම."

"
 අන්න බස් එක"

දෙන්නම බස් එකට නැග්ගමගෙ සමහර යහළුවොත් 

ඉන්නව විභාගයට යන්නඑයාල හැමෝම වගේ රවිඳුව 

දන්නවා නිසා අපිට ඒතරම්ම ප්‍රශ්ණයක් නෑ කතා 

කර කර ගියා කියල

අපේ පාසැල ළඟදි මම රවිඳුගෙන් සමු ගත්තඅපි කට්ටියම 

කෙළින්ම ගියෙ විභාගශාලාවටඅපේ අංක සොයා ගන්න  

තරම්ම අමාරු උණේ නෑඒව පිළිවෙළට බෝඩ් ගහල 

තිබුණහරියටම උදේ නමයට විභාගෙ පටන් ගත්තෙමට 

මුලින්ම තිබුණෙ භෞතික විද්යාව ප්‍රශ්ණපත්‍රයඒක නම් 

ටිකක් අමාරුයිමම කොහොම පාඩම් කළත්මමආස විෂයක් 

නම් නෙවෙයියන්තම් එදා උත්තර ලියලආවහවස රවිඳු 

ගෙදර පාර ළඟට ආව විස්තර අහන්න.

මට  පේපර් එක අමාරුයිකීවම එයාගෙ මූණ නම් හොඳ නැති උණා.

 අනෙක් දවසෙ කෙමිස්ට්රි . ඒක නම් ෂේප් වගෙඊළඟට ජීව 

විද්යාවඒක නම් මට හරිමලේසියිඋද්භිද විද්යාව  නම් මට 

කොහොමත් ලේසියිමම පරිසරයට ආශා කරන නිසා හරිම 

ආශාවෙන් තමයි  විෂය කළේඒ විෂයන් දෙක ගැන බයක් 

තිබ්බෙ නෑකොහොමින් හරි දැන් එක්සෑම් එක ඉවර උණා

මට ලොකු නිදහසයි දැන්ගෙදර යන්නත් ඕනෙ. උණාට 

මෙහේ දාල යන්න හිතෙන්නෙ නෑකොහොම හරිම ඉන්නම 

තමයි හිත


සතියක් දෙකක් එහෙමම ගෙවුන. අම්මා නිතරම කතා කරනව එන්න කියල. මම පාසැලේ එක එක වැඩ කියල මග හරිනව. දැන් නම් යන්නම වෙනව. ඉතින් ලබන සතියෙ කොහොම හරි එනවාමයි කියල නංගිලට  පොරොන්දු උනා. අසංකිත් මාත් එක්ක යන්න ලෑස්තියි. අපි බ්‍රහස්පතින්දාට යන්න යොදා ගත්තා. පුංචි අම්මලට හොරෙන් රවිඳුත් අපිත් එක්ක නුවරට යනවා.අපිව ටවුමෙන් බස්සලා රවිඳු ආපසු එහෙමම කොළඹ එනවා.එහෙම තමයි අපි යොදා ගත්තෙ.

 ඉතින් පුංචිට නම් හරිම පාලුයි කියකියා ඉන්නෙ.   මම නැතිව එයාලට ඉන්න නම්     අමාරුවෙයි.ඒත් කරන්න දෙයක් නම් නෑමට යන්නම වෙනවායන්න ලැහැස්ති උණේ බොහොම දුකෙන්විභාගෙ ප්‍රතිඵල ආවම කොළඹම ඉන්න පුළුවන් උණොත් හොඳයි කියල අපි හැමෝම හිතුවෙබලා ඉන්නෙ එහෙම තත්වයක් උදාවේවි කියල.

 ඔන්න ඉතින් යන දවස ආවළඟටම

නුවර බස් එක ගන්න පිටකොටුවට යන්න ගියේ පාන්දර  හතරටසීතලේ අපි දෙන්නව බස් එකට ඇරළුවෙ මාමයි.  අපිට කලින්හෝල්ට් එකෙන්  බස් එකටම රවිඳුත් නැගල හිටියමාම එයාව දකින්න නෑ වෙලාවට  තරම් සෙනඟක් නෑ නිසා ඉක්මනින්ම බස්  එක අද්දලා එනවහතරයි හතලිහ වෙනකොට අපි පිටකොටුවෙ.

අපි පිටකොටුවෙන් පිටත් උණේ හරියටම පහට. කොළඹ නුවර ඒ සී බසයකට නැගගත්තා. ඒව හැම තැනම නවත්තන්නෙ නැති නිසා ඉක්මනින් යන්න පුළුවන් වෙයි අපිට. අසංකි වැඩිය සද්දයක් නෑ. මන්ද ඇයි කියල. අපි තුන් දෙනාම එකම සීට් එකේ වාඩි උණේ. කොනේම මම, ළඟට රවිඳු ,ඊළඟට අසංකි. අපිට උදේ කෑම හදල දුන්නා පුංචි. ඒ නිසා මග බහින්නත් උවමනාම නෑ. බස් එක කඩවත හරියට එනකොට මම රවිඳුගෙ ඇඟට හේත්තුවෙලා ටිකක් නිදා ගත්තා. එයා මාව තුරුල් කරගෙන හිටියෙ හරියට පූස් පැටියෙක් තුරුල් කරන් ඉන්නවා වාගෙයි.

ඒ උණාට මට නින්ද ගියේ නෑ. වරකාපොලට එනකොට අපිට උදේ ආහාරය සඳහා බස් එක නැවැත්වුවා. අපි ටිකක් බැහැල කෑම කෑව. ලුණු මිරිස් හා පොල් රොටි. හරිම රසයි. එතන කඩෙන් මාළුපාන් තුනකුත් ගත්තා. පුංචි දන්නෙ නෑනෙ රවිඳු යන බව. එයාට එක්ක කෑම හදල නෑනේ. අපි විහිළු කර කර අසංකිට කෑම කෑවෙ. අසංකි හරිම කෙට්ටුයි. එයාට අපිට වඩා කන්නත් ඕනෙ. ඒ උණාට හරිම කෙට්ටුයි.

පැය කාලක් වගේ එතන ඉඳල අපි පිටත් උණා. දැන් ටික ටික කඳුකරයට එන්නෙ. හරිම ලස්සනයි. කෑගල්ල පහු කළාම ටිකෙන් ටික කන්ද නඟිනවා. පිළිමතලාව හරියෙ දී සීතල දැනෙන්න පටන් ගන්නෙ. මං හරිම ආසයි ඒ හරියෙ යනකොට දකින දර්ශනයට. රවිඳුට බයිබල් කන්ද හා සරදියෙල් හිටිය උතුවම් කන්ද පෙන්නුවා. අසංකිත් කාලෙකට පස්සෙ ආව නිසා එයාටත් හරිම ආසයි.  අපි තුන්දෙනාම කතා කර කර හිනා වෙවී තමයි නුවර එනකල්ම ආවෙ. රවිඳු මගේ කරවටා අතක් දමාගෙන බොහොම ආදරෙන් මාව ළංකරගෙන හිටිය. මගෙ ඇඟිලි පිරිමදිමින්ම තමයි මුළුගමනම ගියෙ. මටත් හරිම සතුටුයි.

අපි නුවරට එත්දි අටයි හතළිස් පහට විතර ඇති.  නුවරට ලං වෙත්දි මට හරිම දුකයි. කාලෙකට රවිඳුව දකින්න වෙන්නෙ නෑ. අප්පච්චි නුවර එන්න ඇහුවම මම එපා කීවෙ එයාව දකීවි කියල බය හිතුණ නිසයි. අපි බස් එකෙන් බැහැල ගම්පළ බස් නැවතුමට ගියා.

'' එහෙනම්  ඔන්න මම නැවතුණාදෙන්නම පරිස්සමෙන් යන්න ඕනෙ හොඳේ "

අනේරවිඳු තව ටිකක් ඉන්න අපි පිටත් වෙනකල්"

හා අන්න ඔයාලට බස් එක එනව. නඟින්න ඉතින්"

'' රවිඳු අයියෙ ඔන්න ඔයාත් පරිස්සමෙන් යන්නනැත්නම් අපිට අක්කිගෙන් බැණුම් ඉවර වෙයි" කියල අසංකිත් කිව්ව.

එහෙම නම් ඔයාලට සුබ ගමන්" කියල මගෙ අත් දෙක අල්ලගෙන රවිඳු කිව්ව.

අපිදෙන්නාම බස් එකට ගොඩ උණා. ටික වෙලාවකින් බසය පිටත් උණා.

අපි නොපෙනී යනකල්ම රවිඳු බලාගෙන හිටිය. මගෙ ඇස් වලට කඳුළු පිරුනෙ ඉබේටම. කොහොම ඉන්නද? රවිඳු නොදැක.  ඉක්මනින්ම මේ කාලය ගෙවේවා!