Tuesday, January 24, 2012

සරත් සමයේ විහඟ ගීතය 5

                  මම මේ ටික දවස ඉන්නෙ කොහොමද? මට නම් හිතා ගන්න බැහැ. කතා කරන්න වත් විදිහක් නෑනෙ. කෝල් එකක් ගන්න නම් පෝස්ට් ඔෆිස්ම යන්න ඕනෙ. ඒත් එයාට කොහෙට හරිම එන්න කියල තමයි කෝල් කරන්න වෙන්නෙ. ඒක හරිම කරදරයි. ලියුමක් එනකල් බලා ඉන්න වෙන්නෙ. නංගිලා දෙන්නගෙ හුරතලේ නිසා උදේට කාලෙ ගෙවෙනව දැනෙන්නෙ නෑ.


"
ආව් ආව්, අක්කිගෙ මූණ මේ ටිකේ පාට වෙලා." ලොකූ කියනවා
.


"
මොකෝ ලොකූ ඔයාට පිස්සුද
? "


"
නෑ, නෑ මොකක් හරිම රහසක් තියෙනවා ඔන්න
"


"
මේ ඔය ඕනෙ නැති ලෙඩ නම් දාන්න එපා ඔන්න අම්ම ඉස්සරහ, දන්නවනෙ හැටි
"


"
අපෝ නෑ අක්කි, මම එහෙම කරන්නෙ නෑ
"
මම අමාලිගෙ හිස අතගාන්නෙ සෙනෙහසින්. මම ළඟ නැති වෙලාවට ලොක්කි තමයි ගෙදර හොඳින් බලා කියාගෙන ඉන්නෙ. මම නිසා එයාට හරිම ආදරෙයි.


"
අපි අද හවසට ගලේ පන්සලට යමු" කතාව මඟ හරින්නත් එක්ක මම එහෙම කිවුව
.


"
ඒක නම් හොඳ අදහස. මාත් කාලෙකින් ගියේ නෑ කොහෙද අපේ අම්මට ඕවයෙ යන්න ඉවරයක් තියෙනවයැ
."


සවස මල් කඩාගෙන අම්ම එනකල් බලා හිටිය. අවසර ගත්ත ගමන් අපි පිටත් උණා. ගලේ පන්සල, අපිට ටිකක් දුරින් තියෙන්නෙ. උණාට කැලෑ පාරෙන් යන්න පුළුවන්.

අපි තුන් දෙනාම පාරෙ තියෙන ගඩා ගෙඩි කකා තමයි යන්නෙ. ඇඹුල් පේර කැලේ පිරිල. ඒව වැඩිය මට කොළඹ දී ලැබෙන්නෙ නැති නිසා හරිම ආසයි. හිමින්, හිමින් යනකොට ගමේ අයත් අපිට මුණ ගැහෙනවා.බණ්ඩාර මාමයි, මැණිකෙ නැන්දයි අපිත් එක්ක නැවතිලා කතාකළා. මගෙ විස්තර, තමයි වැඩියෙම. අප්පච්චිගෙ ආශාව නම් මම වෛද්‍ය වරියක් වෙනව දකින්න කියල මැණිකෙ නැන්ද කියනවා. මම නිහඬවම හිනා උණා
.


"
අප්පේ ඇති යාන්තම්" එතනින් ගැලවුණාම පොඩ්ඩි කියනව එයාලට ඇහුණද? දන්නෙ දන්නෙ නම් නෑ.

  මම පොඩ්ඩිගෙ ඇඟට පාරක් ගැහැවුවා. එයා හිනා වෙලා "අක්කි , දන්නෙ නෑ එයා අවාම හැමදාම ඔයාගෙ විස්තර අහනව ඉවරයක් නෑ. සමහරවිට අතුල අයියාව ඔයට දෙන්න හිතේ ඇති එයාගෙ"


"
හරිම වැඩේ, ඒක නම්, එයාට මේ ආත්මෙදි නම් ඒක කරන්න වෙන්නෙ නෑ කියල දැම්මම කිවුවොත් හොඳයි
"


"
අනේ, අනේ අක්කි ඔයා ඕවට කලබල වෙන්න එපා ඉතින්. එයා අපිට නිකම් ඉඟි කරනව විතරයි නේ තාම"
ලොකූ කියනව මහ පැහිච්ච ගානට.


අපි සවස් ඇඳිරිය වැටෙන්න කලින් විහාරයට ආව. පොඩි හාමුදුරුවො මාව දැක්ක ගමන්ම

 
"ආ .. මේ අපේ අනූපමා නෝනත් කොළඹ ඉදල ඇවිත් තියෙන්නෙ. කොහොමද ? නෝන, විභාගෙ හොඳින් කළායැ"

"එහෙමයි අපෙ හාමුදුරුවනේ, පුළුවන් විදිහට හොඳින් කළා. මේ ටිකේ මට නිවාඩු හින්ද මම ගෙදර ආව"

   "ඒක හොඳයි නෝනෙ, පන්සලට ආව එක. එහෙනම් විහාරයට ගිහින් එමුකො පිරිත් නූල් ටිකක් දෙන්න."


අපි විහාරයට ගිහින් මල් පහන් පූජා කළා. හරිම නිස්කලංකයි මේ පන්සල. පිළියන්දල වගේ නම් නෙවෙයි. මම විහාරය වැන්දාට පස්සෙ නංගිලත් එක්කම වැදුම් ගෙට ගියා ලොකු හාමුදුරුවන් සමඟ පොඩි හාමුදුරු වොත් බලා ඉන්නව අපි එනකල්. දෙන්නාටම දණ ගහල වැඳලා අපි පිරිත් නූල් අරගෙන එනකොට යන්තමට කළුවර වෙලා. මීඳුම් දුමාරය සමඟ සීතල ඇඟ කිළිපොලා යනවා. අපි ඉක්මනින්ම පල්ලම් බැස්ස ගෙදර දිහාවට.



අම්ම මඟ බලාගෙන ඉන්නව දැක්කම හිතට දුකක් ආව. අපි ගෙට ඇතුල් වෙන කොටම අප්පච්චිත් එන බව අපේ බලු පැටියගෙ සද්දෙන් අපි දැන ගත්තා. අපි ගොඩක් කාලෙකින් මෙහෙම ගමනක් ගියේ. හැමෝම කාලෙකින් රෑ කෑම මේසෙට වාඩි උණේ හරිම සතුටින්. අම්මගෙ රස නෝකෝල් මාළුවයි, හාල්මැස්සන් බැදුමයි පරිප්පු සමඟ පොල් සම්බලය සමඟ බඩ පිරෙන්න බත් කෑව හැමෝම. රෑ පිඟන් ටික අස්පස් කරල සේරමල එළියට ආවෙ සීතලේම පිපෙන තරුමල් බලන්න. කඳුයායට උඩින් පේන හඳත් එක්ක වටේට පිපෙන තරුමල් බලන්න කවදත් මං හරිම ආසයි. 




 

4 comments:

  1. හරිම ලස්සන කතාව නංගී. කතාවේ ගලා යාම හරිම සුන්දරයි. මාත් ඒ කාලෙට ගියා වගේ. දිගටම ලියන්න.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි! අක්කා. මේ ලබාදෙන දිරියට පින්.

      Delete
  2. නියමයි අක්කි.. දිගටම ලියන්න..

    ReplyDelete
    Replies
    1. ස්තූතියි නංගියා. ඔයාටත් ජය! පතනවා.

      Delete