Thursday, February 16, 2012

සරත් සමයේ විහඟ ගීතය 7

                       සතිය ගෙවිල ගියෙ හරියට මල්වැස්සක් වැහැල පෑයුව වගේ. මම මගෙ මල් වත්ත පිළිසකර කරල අළුත් බාබන් ඩේසියා සහ ඩේලියා හිටෙව්වා. කපුරු මල් ගස් කීපයක් අතරින් පතර ඉන්දෙව්වා. සමන් පිච්ච මල් වැල කප්පාදු කරල පෝර දැම්ම. අම්ම එක්ක ආයෙත් ගලේ පන්සලට ගිහින් පොඩි හාමුදුරුවන්ටත් කියල ආව සති අන්තයේ ආයෙත් කොළඹ යන බව. පොඩි හාමුදුරුවො පිරිත් කියල සෙත් පැතුව. කොළඹ ආවොත් ඒ පැත්තෙ එන්න කියල ආරාධනාවක් කරලම තමයි මම ආවෙ. 

                  ඉරිදා උදේම මම පිටත් උනා කොළඹ එන්න. පාන්දර පහට බස්නැවතුමට ආව අප්පච්චිත් එක්ක. පහයි කාලට බස් එකක් තියෙනවා. අපිට නෑදෑවෙන මැණිකෙ නැන්දලත් හමු උනා එතනදි. මට පාළුවක් නැතිව එන්න පුලුවන් එයත් එක්ක. අප්පච්චිටත් හිතට සතුටුයි, මම තනියම නොවෙන නිසා. එදා වැඩ රාජකාරි වගයක් නිසා මාව ඇරලවන්න එන්න විදිහක් නෑ කියල හිතේ අමාරුවෙන් හිටියෙ. සීතළ සුළඟ ඇගේ වදින කොට හිරි ගඩු පිපෙන තරම්.  අපි වෙලාවටම පිටත් උනා. ගමන පටන් ගත්ත වෙලාවෙ ඉඳලාම මැණිකෙ නැන්දගෙ කච බචේ ඉවරයක් නෑ. මට නම් හරිම කරච්චලේ. මොනව කරන්නද? ඔහේ අහගෙන හිටිය. ප්‍රශ්ණ වලට උත්තර දීල ඉවරයක් නෑ. වරකාපොල නැවැත්තුවා තේ බොන්න. අපි බැහැල කඩේකින් උදේට කාල තේ බිව්ව. දැන් නම් ටික ටික රස්නෙ දැනෙනවා.
කොළඹට එන කොට නමය විතර වෙලා. මම 120 බස් එක ගන්න තැනට ගියා. නැන්දලා වෙනම ගියා එයාලගෙ වැඩ වලට. යනකොටම බස් එකක් තිබුන. මම අයිනක් අල්ලගෙන වාඩි උනා. ටික වෙලාවකින් අපි ඇස්වාට්ටුවට ආව. එතනදි මෙන්න  නිරංජලා අක්කයි , නිමල් අයියයි බස් එකට නැංග.  මම හිනාවෙත්දීම අක්ක ඇවිත් මගේ ලඟින්ම වාඩි උනා. 

"ඉතින් කොහොමද? නංගි, මේ එන ගමන්මද? අපි ආව ඇස්වාට්ටුවට මගෙ ඇස් පෙන්නන්න"

" ඔව්, අක්කා, මේ එනගමන්, කොහොමද? ඉතින් කට්ටියම සනීපෙන්ද? "

"ඔව්, නංගි හැමෝම හොඳින් ඉන්නවා, කොහොමද? ඔයාගෙ ගෙදර කට්ටිය? සනීපෙන්ද?" 

"ඔව්, අත්තම්ම තමයි ඉතින් ටිකක් අසනීප ගතියෙන් ඉන්නෙ, ඒ උනාට කියන්න තරම් අසනීපයකුත් නෑ එයාට" 

"ඒ ඉතින් වයසට නේ නංගි, පේන්නැත්ද අපේ අම්ම, ඕව ඔහොම තමයි"

නිමල් අයිය ටිකක් එහායින් හිටියෙ, අන්තිමේ එයාත් ආව අපි ලඟටම. තුන් දෙනාම කියව, කියව ආව පිළියන්දලට එනකල්ම.

                      බස් එකෙන් බැහැල අයිය මගෙ බෑග් එක අතට ගත්තා මම එපා කියත්දිම. අපි හිමින් හිමින් ආව පුංචිලාගෙ ගේ ළඟට. මම එයාලගෙන් සමු අරන් ගෙදරට ආව. අසංකි මාව දැකල දුවගෙන ආව මාත් එක්කම යන්න.

"ආව්, ආව්, කොහෙන්ද අර කට්ටිය එකතු උනේ? අනේ අනූ මට ඔයාට ලියන්න වත් ඉවරයක් තිබ්බෙ නෑ, මේ ටිකේම ක්ලාසස් ඇරෙන්න මට වෙන දෙයක් කරන්න ඉවරයක් නෑ. ඔන්න තරහ නම් වෙන්න එපා"  

"අනේ, නිකම් ඉන්න, ඔයාට ඔයතරමටම වැඩ මොකෝ, මට පොඩි තුන්ඩු කෑල්ලක්වත් දාන්න තිබ්බ නේද?" මම අමණාපයෙන් කිව්වා.

"සොරි, කෙල්ලෙ, සොරි. දන්නවනෙ මේක ගොඩ දාගත්තෙ නැත්නම් මට ඉන්න නෙවෙයි"

"මට ඊයෙ හවස රවිඳු අයියාව නම් හම්බ උනා, එයා දන්නව මයෙ හිතේ  ඔයා අද එනව කියල"

"ආ... ඔව් දැනගන්න එපායැ" මම හිනා වෙමින් කිව්ව.

                අපි දෙන්නම හිනා වෙවී ගෙට ගොඩ වෙනකොට පුංචි බලාගෙන ඉන්නව. මම දුවල ගිහින් එයාව සිපගත්තෙ මහත් ආදරෙන්. එයාටත් සතුටුයි. පාළුවෙ හිටිය කිව්ව මම නැතිව.  මම හැම තැනම ඇවිද්දෙ හරියට මගෙම ගෙදර වගෙ.

                කොපමණ කාලයක් මම නැතිව හිටියත් ඒ ගෙදර මගෙම තමයි. කාමරේ ලස්සනට අස්කරල පුංචි. අලුත් ඇඳ ඇතිරිළි දමල හරිම නැවුම් සුවඳයි. සීනි බනිස් එක්ක තේ බිව්ව අපි තුන් දෙනාම. හවස රවිඳු දැන ගනීවි මම ආව බව. අක්කයි, අයියයි එයාට කියාවි. මම මගෙ පොත් පත් අස්කරල එහෙම අසංකිත් එක්කම ආව පහලට එයාලගෙ ගෙදරට. නැන්දටයි මාමටයි කතා කරන්නත් එක්ක. 

 "ආ.. දෝණි, දැන්ද? ආවෙ, අම්ම අප්පච්චි සනීපෙන් යැ"

"ඔව්, නැන්දා, දැන් ටිකක් වෙලා ඇවිත් නම්, අම්මලා නම් හොඳින් ඉන්නවා. මේ ලඟදී ඒවි මයෙ හිතේ"

"මාමත් ඔන්න එහේ යන්න ඕනෙ කියල ඉන්නෙ"

"අනේ, ඒක හොඳයි , අත්තම්මත් නිතරම මතක් කරනවා. ඔන්න, මම නම් අත්තම්මට කිව්වෙ නැන්දගෙ පොල් සම්බලේ රස තමයි "

" ආ.. ඔය අදත් තියෙන්නෙ ඒව නම්"

"ඒක හොඳයි, අසංකි, මටත් ටිකක් බෙදල දෙන්නකො එහෙනම්"

හැමෝටම හිනා.  කොහොම උනත් මම ආව එක හැමෝටම සතුටක්.

           පසුවදා උදේම මම ක්ලාස් එකට යන්න පාරට ආවෙ වෙනද වෙලාවටම. රවිඳු අයිය බස් නැවතුමේ බලා ඉන්නවා. මට දැක්කම හරිම සතුටුයි. එයාගෙ ඇස් වලිනුත් මම ඒ සතුට දැක්ක. යන්තමට කදුළු පිරිච්ච ඒ ඇස් දෙක සතුටත් දුකත් එකටම කියා පෑව. අපි ගොඩක් කාලෙකින් හම්බ උනනිසා වෙන්න ඇති, මටත් කියාගන්න බැරි තරම් හරිම සතුටුයි. අපි එකම තැන වාඩි උනා.  යනකල්ම විස්තර කතා කලා. පන්තියට ආවහම මම එයාට හවසට හමුවෙමු කියල පන්තියට ගියා. අපේ ක්ලාස් එකේ එහෙම කතා කර කර ඉන්න එක හරි නෑ. සර් නම් මාවත් රවිඳු වත් දෙන්නවම දන්නව . ඒ උනාට විනයක් තියෙන්න ඕනෙ නේ. හවස අපි ක්ලාස් ඇරිල පාක් එකට ගියා. මුල්ම වතාවට එහෙම අපි දෙන්න කතා කරන්න ගියේ. අපි වෙනදට මගදි තමයි කතා කරන්නෙ. එදා කාලෙකට පස්සෙ අපි හමු උන නිසා විස්තර ගොඩයි. අපි නිදහසේ කතාකරන්න ගියේ. මගෙ අත්දෙකෙන් අල්ලගෙන මගෙ ඇස් දිහා බලාගෙන රවිඳු කතා කරන්නෙ. මටත් කියන්න බැරි තරම් දුකකුත් එක්ක සතුටකුත් තිබුන. අපි ගෙදර ගැන, එයාගෙ විස්තර කතාකලා. එයා ජර්මන් ටෙක් එකට යන්න තීරණය කරල. ඒ බව මට කිව්වෙ එදයි. ඒක හොඳයි. අවුරුදු තුනක් හතරක් යනකොට එතනම ඉන්ස්ට්‍රක්ට කෙනෙක් වෙන්න පුළුවන්වෙයි. ඒ අතරෙ අයිස්ක්‍රීම් එකකුත් රස බලන්න අපි අමතක කලේ නෑ. හවස් වෙන්න කලින් අපි ගෙදර එන්න පිටත් වුනා. එකටම බස් එකෙන් ඇවිත් පාර ලඟදි "ගුඩ් නයිට්" කියල අපි වෙන් උනා.

           හැමදාම උදේට මම බස් නැවතුමට එන්නෙ රවිු ඉන්නවද? කියල බලාගෙන. දිගටම පන්ති. හරියට මහන්සි වෙන්න ඕනෙ. අපි දෙන්නම එක දිගට වැඩ. මට මාස ගානකට කලින් රවිුට විභාගෙ. අමතර පන්ති නිසා කිසිම විවේකයක් නෑ.

           පාසැලේ වැඩ හොින් කලොත් අනෙක් අතට විභාගෙ පාස් වෙන්න අමාරු වෙන එකක් නෑ. ජීව විද්්‍යාව, උද්භිද විද්්‍යාව,රසායන විද්්‍යාව හා භෞතික විද්්‍යාව මම කලේ. රවිඳු ගණිත විෂයන්. එයාට වෙන වෙලාවල් වලත් පන්ති.

                    මගෙ යෙහෙළියො හැමෝම රවිඳුව දන්නව. අපි කට්ටිය හත් දෙනෙක් හිටිය. චන්ද්‍රාණි, දමිමි, කළ්්‍යාණි, නිම්මි, මම ,අනෝමා, දීප්ති. මේ හැමෝම රවිඳුව හොඳින් දන්නවා. A/L කරනව කියන්නෙ ලේසි නෑ.  දිගටම වෙහෙසෙන්න ඕනෙ. අපි ඉඳල හිටල විනෝදත් උනා. කට්ටියම කතා වෙලා ෆිල්ම් එකක් බලන්න එහෙම අපි ගියා. චන්ද්‍රාණිගෙ මල්ලි, රවිඳු සහ අසංකිගෙ මල්ලි නිතරම අපිත් එක්ක යන්න එන නිසා ගෙවල් වලින් අපි එහෙම යනවට විරුද්ධත්වයක් නෑ. මොකද? අපිට ආරක්ෂාවට එයාල ඉන්න නිසා. අසංකි මාත් එක්ක යන නිසා මට කිසිම ප්‍රශ්ණයක් ආවෙ නෑ.  එක අතකට එයා මගෙ හොදම යාළුවා උන එකත් මට වාසියි.  අපි දෙන්න එකම වයසෙ හිටිය නිසා අපි අතර තිබුනෙ පුදුමාකාර බැඳීමක්. මගෙ කිසිම රහසක් එයා නොදැන හිටියයි කියන්න මම දන්නෙ නෑ. මගෙ ජීවිතේ උන හැම පෙරළියක්ම එයා දැන හිටිය.

                     ඉඳල හිටල රවිඳුයි මමයි පාක් එකේදි හමු වෙනව. අපි දෙන්නම එදාට ටිකක් වෙලා කතා කර කර ඉන්නව. හැම දෙයම එදාට අමතක කරල අපි සතුටින් කතා කර කර ඉන්නවා. කොච්චර නිදහස් ද මෙහෙම ඉන්න එක. අපේ අනාගතය ගැන අපි කතා කරනව. දෙන්නාගෙම හීන ගැන කතා කරනවා. මහ ලොකු බලාපොරොත්තු අපිට තිබ්බෙ නෑ. ඒ උනත් පුංචියට හරි අපි ඒව ගැන කතා කලා.


4 comments:

  1. හොඳයි...
    ඊළඟ කොටසින් හමුවෙමු...:D

    ReplyDelete
  2. ඕක කතාවක් උණත් නැතත් මට වෙලාවකට මගේ ජීවිත කතාව කියවනවා වගේ.. ලස්සනයි සහෝදරී... :)

    ReplyDelete
  3. ම්.. ඇත්තටම මේක හරිම ලස්සනයි. මමත් මගෙ පාසැල් කාලෙට යනව වගේ නංගි. ස්තූතියි! ලස්සන කතාවට.

    ReplyDelete
  4. මේ මගේ අලුත් බ්ලොග් එකට එන පාර. ඉඩක් තියේ නම් පොඩ්ඩක් ගොඩ වෙලා යන්න..
    http://wehimandarama.blogspot.com/
    -වර්ෂා..

    ReplyDelete