කාලෙකින් එන්න බැරි උණා. ඒකට සමාව ඕනෙ.
විභාග යෙදිල. කොහොම හරි ඒව ඉවර වෙලා නිවාඩුවට ආවා.
ඉතිරි හරිය දැන් කියවමු.
ස්තූතියි! ආයෙ ආවට. ~~~~~~~~~~~~~~.
අසංකි විභාගයට වාඩි උණා. මාස ගාණකට පස්සෙ අපේ
විභාගයට කලින් ප්‍රතිඵල ආවා. හොඳින් සමත්.
අපි දෙන්නටත් හරිමසතුටුයි.
එයාත් අපි වගේම විද්‍යාව විෂයන් තමයි තෝරගත්තෙ.
ඒක හොඳයි අපිට එයාට උපකාර කරන්න පුළුවන් වෙයි.
කොහොම කොහොම හරි ඉතින් අපේ විභාගය ලං උණා.
මේ අවුරුදු දෙක ගෙවුණෙ කොහොමද කියල හිතාගන්නවත්
බැහැ. කාලය යන ඉක්මන. අපි බෙල්ලන්විල පන්සල් ගියා.
හරිම නිදහසේබුදුන් වැඳලා ආව. දෙන්නම ඒ දිගට කතා කර
කර පයින්ම ආව හන්දියට. රවිඳු මට හොඳින් විභාගෙ
කරන්න විශ්කරල මාව ගේ ළඟින්ම ඇරලලයි ගියේ.
පහුවදා උදේම මම නැගිට්ටෙ විභාගෙට යන්න. පුංචි කිරිබත්
හදල. මට දුකත් හිතුණ දැක්කම. අනේ , මෙහෙම
ආදරයක්.මට බය වෙන්න දෙයක් නෑ. මම හොඳටම
ලෑස්තියි. කාලය නම් මදි තිබුණ වැඩ වලට. අම්මා කලින්
ඇවිත් ගියා අප්පච්චිත් එක්ක.අවවාද ගොන්නක් දීල. මම
හිතුවෙ පුංචි මගෙ විස්තර කියලද? කියල.
ඒත් ඒ බවක් දැනුණෙ නම් නෑ.
හැමදාම වගේ රවිඳු ඉන්නව බස් නැවතුමේ.
"ගුඩ් මෝනිං! අනූ, කොහොමද? විභගෙට ලෑස්තිද?”
"ගූඩ් මෝනිං, ඔව් ඉතින් මේ ටිකේම ලෑස්ති උනානෙ.
ඔයා අද එනවද මාත් එක්ක යන්න?"
"හ්ම්, හැමදාම ආව එකේ අදත් ඉතින් ඉන්නම් කො
ළඟින්ම."
"ආ අන්න බස් එක"
දෙන්නම බස් එකට නැග්ග. මගෙ සමහර යහළුවොත්
ඉන්නව විභාගයට යන්න. එයාල හැමෝම වගේ රවිඳුව
දන්නවා. ඒ නිසා අපිට ඒතරම්ම ප්‍රශ්ණයක් නෑ කතා
කර කර ගියා කියල.
අපේ පාසැල ළඟදි මම රවිඳුගෙන් සමු ගත්ත. අපි කට්ටියම
කෙළින්ම ගියෙ විභාගශාලාවට. අපේ අංක සොයා ගන්න ඒ
තරම්ම අමාරු උණේ නෑ. ඒව පිළිවෙළට බෝඩ් ගහල
තිබුණ. හරියටම උදේ නමයට විභාගෙ පටන් ගත්තෙ. මට
මුලින්ම තිබුණෙ භෞතික විද්‍යාව ප්‍රශ්ණපත්‍රය. ඒක නම්
ටිකක් අමාරුයි. මම කොහොම පාඩම් කළත්මමආස විෂයක්
නම් නෙවෙයි. යන්තම් එදා උත්තර ලියලආව. හවස රවිඳු
ගෙදර පාර ළඟට ආව විස්තර අහන්න.
මට ඒ පේපර් එක අමාරුයිකීවම එයාගෙ මූණ නම් හොඳ නැති උණා.
අනෙක් දවසෙ කෙමිස්ට්‍රි . ඒක නම් ෂේප් වගෙ. ඊළඟට ජීව
විද්‍යාව. ඒක නම් මට හරිමලේසියි. උද්භිද විද්‍යාව නම් මට
කොහොමත් ලේසියි. මම පරිසරයට ආශා කරන නිසා හරිම
ආශාවෙන් තමයි ඒ විෂය කළේ. ඒ විෂයන් දෙක ගැන බයක්
තිබ්බෙ නෑ. කොහොමින් හරි දැන් එක්සෑම් එක ඉවර උණා.
මට ලොකු නිදහසයි දැන්. ගෙදර යන්නත් ඕනෙ.ඒ උණාට
මෙහේ දාල යන්න හිතෙන්නෙ නෑ. කොහොම හරිම ඉන්නම
තමයි හිත.
සතියක් දෙකක් එහෙමම ගෙවුන. අම්මා නිතරම කතා කරනව එන්න කියල. මම පාසැලේ එක එක වැඩ කියල මග හරිනව. දැන් නම් යන්නම වෙනව. ඉතින් ලබන සතියෙ කොහොම හරි එනවාමයි කියල නංගිලට පොරොන්දු උනා. අසංකිත් මාත් එක්ක යන්න ලෑස්තියි. අපි බ්‍රහස්පතින්දාට යන්න යොදා ගත්තා. පුංචි අම්මලට හොරෙන් රවිඳුත් අපිත් එක්ක නුවරට යනවා.අපිව ටවුමෙන් බස්සලා රවිඳු ආපසු එහෙමම කොළඹ එනවා.එහෙම තමයි අපි යොදා ගත්තෙ.
ඉතින් පුංචිට නම් හරිම පාලුයි කියකියා ඉන්නෙ. මම නැතිව එයාලට ඉන්න නම් අමාරුවෙයි.ඒත් කරන්න දෙයක් නම් නෑ. මට යන්නම වෙනවා. යන්න ලැහැස්ති උණේ බොහොම දුකෙන්. විභාගෙ ප්‍රතිඵල ආවම කොළඹම ඉන්න පුළුවන් උණොත් හොඳයි කියල අපි හැමෝම හිතුවෙ. බලා ඉන්නෙ එහෙම තත්වයක් උදාවේවි කියල.
ඔන්න ඉතින් යන දවස ආවළඟටම.
නුවර බස් එක ගන්න පිටකොටුවට යන්න ගියේ පාන්දර හතරට. සීතලේ අපි දෙන්නව බස් එකට ඇරළුවෙ මාමයි. අපිට කලින්හෝල්ට් එකෙන් ඒ බස් එකටම රවිඳුත් නැගල හිටිය. මාම එයාව දකින්න නෑ. ඒ වෙලාවට ඒ තරම් සෙනඟක් නෑ. ඒ නිසා ඉක්මනින්ම බස් එක අද්දලා එනව. හතරයි හතලිහ වෙනකොට අපි පිටකොටුවෙ.
අපි පිටකොටුවෙන් පිටත් උණේ හරියටම පහට. කොළඹ නුවර ඒ සී බසයකට නැගගත්තා. ඒව හැම තැනම නවත්තන්නෙ නැති නිසා ඉක්මනින් යන්න පුළුවන් වෙයි අපිට. අසංකි වැඩිය සද්දයක් නෑ. මන්ද ඇයි කියල. අපි තුන් දෙනාම එකම සීට් එකේ වාඩි උණේ. කොනේම මම, ඊළඟට රවිඳු ,ඊළඟට අසංකි. අපිට උදේ කෑම හදල දුන්නා පුංචි. ඒ නිසා මග බහින්නත් උවමනාම නෑ. බස් එක කඩවත හරියට එනකොට මම රවිඳුගෙ ඇඟට හේත්තුවෙලා ටිකක් නිදා ගත්තා. එයා මාව තුරුල් කරගෙන හිටියෙ හරියට පූස් පැටියෙක් තුරුල් කරන් ඉන්නවා වාගෙයි.
ඒ උණාට මට නින්ද ගියේ නෑ. වරකාපොලට එනකොට අපිට උදේ ආහාරය සඳහා බස් එක නැවැත්වුවා. අපි ටිකක් බැහැල කෑම කෑව. ලුණු මිරිස් හා පොල් රොටි. හරිම රසයි. එතන කඩෙන් මාළුපාන් තුනකුත් ගත්තා. පුංචි දන්නෙ නෑනෙ රවිඳු යන බව. එයාට එක්ක කෑම හදල නෑනේ. අපි විහිළු කර කර අසංකිට කෑම කෑවෙ. අසංකි හරිම කෙට්ටුයි. එයාට අපිට වඩා කන්නත් ඕනෙ. ඒ උණාට හරිම කෙට්ටුයි.
පැය කාලක් වගේ එතන ඉඳල අපි පිටත් උණා. දැන් ටික ටික කඳුකරයට එන්නෙ. හරිම ලස්සනයි. කෑගල්ල පහු කළාම ටිකෙන් ටික කන්ද නඟිනවා. පිළිමතලාව හරියෙ දී සීතල දැනෙන්න පටන් ගන්නෙ. මං හරිම ආසයි ඒ හරියෙ යනකොට දකින දර්ශනයට. රවිඳුට බයිබල් කන්ද හා සරදියෙල් හිටිය උතුවම් කන්ද පෙන්නුවා. අසංකිත් කාලෙකට පස්සෙ ආව නිසා එයාටත් හරිම ආසයි. අපි තුන්දෙනාම කතා කර කර හිනා වෙවී තමයි නුවර එනකල්ම ආවෙ. රවිඳු මගේ කරවටා අතක් දමාගෙන බොහොම ආදරෙන් මාව ළංකරගෙන හිටිය. මගෙ ඇඟිලි පිරිමදිමින්ම තමයි මුළුගමනම ගියෙ. මටත් හරිම සතුටුයි.
අපි නුවරට එත්දි අටයි හතළිස් පහට විතර ඇති. නුවරට ලං වෙත්දි මට හරිම දුකයි. කාලෙකට රවිඳුව දකින්න වෙන්නෙ නෑ. අප්පච්චි නුවර එන්න ඇහුවම මම එපා කීවෙ එයාව දකීවි කියල බය හිතුණ නිසයි. අපි බස් එකෙන් බැහැල ගම්පළ බස් නැවතුමට ගියා.
'' එහෙනම් ඔන්න මම නැවතුණා, දෙන්නම පරිස්සමෙන් යන්න ඕනෙ හොඳේ "
" අනේ, රවිඳු තව ටිකක් ඉන්න අපි පිටත් වෙනකල්"
" හා අන්න ඔයාලට බස් එක එනව. නඟින්න ඉතින්"
'' රවිඳු අයියෙ ඔන්න ඔයාත් පරිස්සමෙන් යන්න, නැත්නම් අපිට අක්කිගෙන් බැණුම් ඉවර වෙයි" කියල අසංකිත් කිව්ව.
" එහෙම නම් ඔයාලට සුබ ගමන්" කියල මගෙ අත් දෙක අල්ලගෙන රවිඳු කිව්ව.
අපිදෙන්නාම බස් එකට ගොඩ උණා. ටික වෙලාවකින් බසය පිටත් උණා.
අපි නොපෙනී යනකල්ම රවිඳු බලාගෙන හිටිය. මගෙ ඇස් වලට කඳුළු පිරුනෙ ඉබේටම. කොහොම ඉන්නද? රවිඳු නොදැක. ඉක්මනින්ම මේ කාලය ගෙවේවා!
මදෑ බලා හිටිය කල්. කොහොම හරි ආව එක ඇති. විභාගෙ හොඳින් කලා නේද? නංගී. අනේ , අදත් හරිම ලස්සනයි කතාව. ඉතිරි ටික කියවන්න බලාගෙන ඉන්නවා.
ReplyDeleteඅක්කේ ඔබට බොහොම ස්තූතියි. සමාවෙන්න මට කාලෙකින් අක්කගෙ සටහන් බැලුවෙ නෑ. හරිම අවිවේකියි. අක්කගෙ අළුත් බ්ලොග් එක දැක්කා. ( ඩෝනාස් කිචන්). මාත් කෑම හදන්න නම් ආසයි.
Deleteakki den liyannedda?
ReplyDelete