රවිඳු අයිය හොඳින් OL සමත් වෙලා තිබුන. එයාගෙ නිවාඩු කාලෙ නිතරම මම එයාව දැක්කත් වැඩිය අපිට කතා කරන්න ලැබුනෙ නෑ. මම ඔය අතරෙ අලුත් විභාග ක්රමයකට ලැහැස්ති උනා. ඉතින් හැමෝම මේ නිසා අමතර පන්ති යන්න උනා. පරණ OL කරන්න. මොකද ? මේ ක්රමය පිට රටවල පිලිගනීවිද කියල සැකයක් අපි හැමෝටම තිබ්බ නිසා. මාත් ඉතින් පන්ති යන්න පටන් ගත්තා ප්රගතියට. ඒ අතර අමතර ඉංග්රීසි පන්තියකටත් ගියා. මේ හැමතැනකදිම මට එයාව හමු උනා. අපි නිතර එකටමයි පන්ති ගියෙත් පන්ති ඇරිල ආවෙත්. ටික කාලයකට අසංකි අපිත් එකක හිටියෙ නෑ. එයාට අමතර පංති වැටුනෙ වෙන වෙලාවල් වල. මාත් එක්ක එකටම එත්දි දවසක් එයා ඇහුව " නංගි, මම ඔයා ගැන බලාපොරොත්තු තියා ගන්න ද? " කියල. මම කෙලින්ම උත්තරයක් දුන්නෙ නෑ. මාව අපහසුවකට පත් උනා කියල එයාට තේරුන නිසාද කොහෙද, එයා මට ඕනෙ කාලයක් අරගෙන උත්තරයක් දෙන්නකො කියල ගියා. මම ගෙදර ආවෙ සිහියක් පතක් නැතිව. මගෙ හිතේ කොනක අයිය ගැන ලොකු පැහැදීමක් තිබුනත් මෙහෙම දෙයක් අහවි කියල මම බලාපොරොත්තු උනේ නෑ. මම OL විභාගෙට ඉදගන්න ඔන්න මෙන්න. ඉතින් කොහොම උත්තර බඳින්න ද? ගෙදර ඇවිත් කල්පනා කර කර හිටිය. කොහොම හරි අසංකි හවස අපේ ගෙදර ආව වෙලාවෙ, මම අසංකිට මේ ගැන කියන්න තීරණය කලා.
" මේ අසංකි, ඔයා දන්නවද? අද මට රවිඳු අයියව හම්බ උනානෙ"
" ඕක , ඉතින් කියන්නත් දෙයක්ද? ඔය දෙන්න එකට නේ පංති යන්නෙ"
" ම්.... එහෙම නෙවෙයි, අද එයා මගෙන් ඇහුව මං ගැන බලාපොරොත්තු තියා ගන්න ද කියල"
" ආ......... ඒකයි මේ........ මම ඒත් බැලුව මොකෝ අද විශේසයක් කියල"
" මොනව උනත් අනූ ඔයා පරිස්සමින්, අම්මල මේක දැනගත්තොත් ඔයාට කරදර වෙයි හොඳේ, අනෙක ඔයා මෙහේ ඉඳල ඉගෙන ගන්නෙ එහේ ඔයාට යන්න ඉස්කෝල නැතිව නෙමෙයි නෙ, ඔයාව මෙහෙ නවත්තලා ගියේ හොඳින් ඉගෙන ගන්නයි නේ"
" ඒක නම් ඇත්ත අසංකි, මම දැන්ම කොහොමත් ඔය ගැන හිතන්න යන්නෙ නෑ. කොහොමත් OL ගොඩ දාගත්තෙ නැත්තනම් ලෙඩක් වෙයි ගෙදරින්."
" අනේ අනූ, මම ආවෙ ඔයාගෙන් අද ඉංග්ලිශ් නොට්ස් ටිකක් ඉල්ලගෙන යන්න, මම එදා ගියෙ නැති දවසෙ ඒව"
" ආ ඒව, මම අරං තියලම ඇති, ඉන්නකො මම දෙන්නම්"
" එහෙනම් මම යනව, ඔන්න . කෝ අද පුංචි නැත්ද?"
" එයා මම හිතන්නෙ හන්දියට ගිහින් , මම එනකොටත් හිටියෙ නැහැ"
අසංකි ගියාට පස්සෙ මම ගොඩාක් වෙලා හිතන්න ගත්ත. මම අනූපමා. මම උපන්නෙ නුවර. මගෙ පවුලෙ අම්මයි අප්පච්චියි, නංගිලා දෙන්නයි. මම වැඩිමල්. පහ වසර ශිෂයත්වයෙන් පස්සෙ අනුලාවට ආව. ඒ ඇවිත් නැවතිලා ඉන්නෙ පුංචි ලගයි. නිවාඩුවකට ඇරෙන්නට මම නුවර යන්නෙ නැහැ. පුංචිට දරුවො නැති නිසා මට වෙනස් කමක් නැහැ. අම්මල ලඟ ඉන්නවා වාගෙම මම සතුටින් එයාල ලග ඉන්නෙ. මම එයාලට වරදක් වෙන දෙයක් කරන්න යන්නෙ නැහැ. බාප්පත් මට තමන්ගෙම දරුවෙකුට වගේ සලකන්නෙ.
කතාවේ ගැලීම ලස්සනයි.
ReplyDeleteස්තූතියි අයියා. වරදක් ඇතොත් මට පෙන්වා දේවි කියල හිතනවා. ඔබට ජය!
Deleteඇත්තෙන්ම වරදක් දුටුවොත් පෙන්වා දෙනවා, එහෙම කියන්න තරම් දෙයක් නැහැ.
Deleteවිනිස පිරික්සුමට සුබස උපයෝගී කරගන්න පුළුවනි. මෙන්න ලින්ක් එක:
http://www.subasa.net/spellerweb.py
බොහොම ස්තූතියි ඩීන් අයියා. සුබස ලින්ක් එක මට හුඟක් ප්‍රයෝජනවත් වෙයි. ඔබට ජය!
Deleteනංගි, කථාවේ ගලා යාම හරිම ලස්සනයි. ඔබට ජය!
ReplyDelete