මම හොඳින් පාඩම් වැඩ කෙරුව. මගෙ හිතේ තිබුණෙ එකම අධිෂ්ඨානයයි. හැමදාම නොවරදවා ක්ලාසස් ගියා. පාසැලේ වැඩත් බාහිර දේවල් හැම දෙයක්ම කළා. කළා කටයුතු වලට මගෙ මුල් තැන . සාහිත්‍ය සංගමේ වැඩ විවාද තරඟ හැම දෙයක්ම මම කළා. ගෙදරින් ලැබුණ සහය නිසා ඒ හැම දෙයක්ම කොහොම හරි කරගන්න ශක්තිය ලැබුණ කියල මට හිතෙනවා. ඒ අතර අපි අතර තිබුණ ආදරයත් කෙමෙන් කෙමෙන් වැඩුණ. අපි නිතර හමුවෙලා කතා නොකලට අපි දෙන්නම දන්නව දෙන්නට දෙන්න ආදරේ බව. ඒ නිසා අපි අපිට අවංකව හිටිය. අපි දෙන්නම දැක්ක තැන නැවතිලා කතා කරනව. ගෙදරින් එහෙම කතා කළා කියල ප්‍රශ්නයක් නෑ. අපි යාළුවො කියල අහල පහළ අයත් දන්න නිසා ලෙඩක් වැටුණෙ නෑ.
මෙහෙම කාලය යනකොට මම O/L කරන්න ලෑස්තියි. විභාගෙ දිනවලත් එයාට පන්ති. මට ඉඳල හිටල හමු උණා. විභාගෙ ගැන ඇහුව මිසක් වෙන කතා නෑ. අන්තිම දවසෙ මම කොහුවලින් බස් එකට නඟින කොට ඒකෙ ඉඳල මාත් එක්ක කථා කළා. අපි එකටම ආවෙ ගෙදර ළඟට එනකල්. මම කිව්ව මට එයා ගත්ත ඔල් කරන්න ඕනෙ කියල. එයා ඇහුව මම ඒ සඳහා ප්‍රගති යනව නේද ? කියල. මම ඔව් කිවුව. අපි දෙන්නම ඉංග්‍රීසි ක්ලාස් එකකට අසංකිත් එක්ක යන්න කතා උණා. නැත්නම් අපිට හම්බ වෙන්න විදිහක් ඇත්තෙම නැතිවෙයි. මම හොඳට එක්සෑම් කල නිසා සතුටුයි කියල කිවුවා. මම කිවුවා රිසල්ස් ආවම බලන්න කියල. මට සුබ පතල හිනාවෙලා එයා ගෙදර ගියා.
අපි ආයෙත් ප්‍රගතියෙදි හම්බ වෙන්න ගත්තා. එයා ආපසු වැඩ දෙකක් කළා සම්මාන ඕනෙ කියල. මම කළේ වැඩ හයයි. මොකද මට ඕනෙම විෂයන් ටික විතරක් කළා. ඒ අතර අපි ඇලෙක්සැන්ඩ්‍රාවට ගියා ඉංග්‍රීසි ක්ලාස් එකට. ඒ යන අතර අපිට ගොඩක් වෙලා ලැබෙනව එකට යන්නත් , කතා කරන්නත්. අපි හැම දෙයක් ගැනම කතා කරනවා. වාද කරනවා. පරිසරය , සත්තු, ගෙදර දේවල්, ප්‍රශ්න, හැම දෙයක්ම අපේ මාතෘකා වෙලා. මට හැමදාම සෙනෙහසින් අකුරක් ලියන්නත් අමතක කරන්නෙ නෑ. ඒක මට ලැබෙන කල් මම බලාගෙන ඉන්නවා. මේ හැම දේම සිද්ධ වෙත්දි අපි ගොඩාක් ආදරෙන් බැඳිල ඉවරයි.
මගේ හැම හීනයක් තුළම එයා හිටිය. ඒ හැම හීනෙම අපි දෙන්න ගෙ ජීවිත රැඳිල තිබුණ . මගෙ මුලු ලෝකෙම එයා වෙලා තියෙන කොට මගෙ O/L ප්‍රතිඵල ආව. මම හිතුවට වඩා හොඳින් පාස් වෙලා. කොහොම හරි මට මෙඩිසින් කරන්න පුළුවන්. ඒක මට ලොකු සතුටක් ගෙනාව.
පරණ O/L කරන්න කාලෙ හරි. මම දැන් ඒකට ලෑස්තිවෙනව. එයත් මාත් එක්ක විභාගෙට වාඩි වෙනව. අපි දෙන්නම මහන්සි උණා හොඳින් විභාගෙ කරන්න.
ජනවාරිය ලබත්දි ඒකත් ඉවරයි. මම නිවාඩුවට නුවර යනව. ඒක කිවුවහම හරියට දුක් උණා. මොනව කරන්නද? මම යන්නම ඕනෙ අම්මලා ගාවට. අපි එකටම කාලයක් හිටිය නිසා දුක වැඩියි. අසංකිත් එයාගෙ O/L වලට මේ අවුරුද්දෙ ලෑස්තිවෙන නිසා එයාත් හරිම අවිවේකියි. මම මගෙ මුළු හිතම එයා ළඟ තියල නුවර ගියා.
ගෙදර ගිය මට දැනුනේ මහත් පාළුවක්. මම උදේම නැගිටිටේ සිතල සුළග මුසුවූ මීඳුම් සළු පොරෝගෙන ඉන්න ලස්සන හන්තාන කඳු වලල්ලට වැටිච්ච හීන් හිරිපොද එක්ක. ජනේලය ගාවට ආවහම ඇත පේන කදුයායෙ ලස්සනින් මොහොතකට වත් නෙත් අහකට ගන්න හිතුනෙ නෑ. නංගිල දෙන්න උදේම නැඟිටල අම්මට උදව් වෙනව. එයාලටත් නිවාඩු නිසා මට ටිකක් හරි හොඳයි වගේ. ටික වෙලාවක් කඳුයාය දිහා බලා ඉඳල මම ගියා කුස්සිය පැත්තට. අප්පච්චි උදෙන්ම යන්න හදන්නෙ. අම්ම එයාගෙ බත් එක ඔතනවා. මම දොර ළග බලා ඉන්න කොට " ආ ලොකු දූ ඔන්න ඔයාගෙ තේ එක බොන්න" කියල අම්ම කියනවා.
" මමත් දැන් යන්න ඕනෙ. ඔයා නංගිලත් එක්ක ඉන්න" කියල අප්පච්චිට බත් එක දුන්න.
තේ එක අරගෙන මම කෙලින්ම ආවෙ ඉස්සරහට. අපේ ගෙදර ඉස්සරහට හන්තාන කඳු වලල්ලම ලස්සනට පේනව. මම ඒ දිහා ආසාවෙන් බලා හිටිය. රවිඳු අයියා මොනව කරනව ඇතිද? එයා අද දුකෙන් ඉඳියි මම නැතිව. මගෙ හිතත් විස්සෝපයෙන් වගේ. අපි දෙන්නම ඉක්මනට හමුවේවි කියල හිත හදා ගත්තා. ලොකු හා පොඩ්ඩි එක පරටම කොහෙද ඉඳල දුව ගෙන ආව.
" කොහෙද ගියෙ දෙන්නාම?" මම පුදුමෙන් ඇහුව.
" අපි අත්තම්මලාගෙ ගෙදර ගියා අක්කා, ඔන්න අත්තම්මා කිවුවා ඔයාට උදේට කන්න කිරිබත් තියේ කියල එහාට එන්න කියල" ලොකූ කිව්වා.
" එහෙනම් මම ලැහැස්තිවෙන්නම් එහේට යන්න" කියල මම ගේ ඇතුලට ගියා.
ඉක්මනින්ම මුහුණ සෝදාගෙන අත්තමලාගෙ ගේ දිහාවට පල්ලම් බැස්ස හිමිහිට. ආත්තම්මා මග බලාගෙන ඉන්නවා මම ඈතදිම දැක්කා.
" කොහොමද ලොක්කියෙ විභාගේ හොඳින් කලා නේද? " කියල මගෙ හිස අතගාමින්ම ඇහුව.
මම " ඔව් අත්තම්මෙ" කියාගෙනම ගෙට ඇතුල් වුනා.
මේසය මත කිරිබත් හා පැණි වළලු තිබුනා. එකපාරටම අත ගියේ පැණි වළල්ලකට. ඒකත් කටේ දාගෙනම පිඟාන අතට ගත්තෙ කිරිබත් කන්න.
අත්තම්මගේ ප්‍රශ්ණ පත්‍රයට උත්තර බඳින්න දවසම මදිවෙයි වගේ මට. අතොරක් නැති ප්‍රශ්ණ මාලාවක් අහනව.
මම ඉක්මනින්ම කිරිබත් කාල එන්න පිටත් උනා. ගෙදරට එන ගමන් හිත හිතා ආව මම කොහොමද මෙහෙම ඉන්නෙ කියල. මට නම් දැනටම පිස්සු වගේ. හරිම පාළුයි.
මගෙ බ්ලොග් අඩවියේ තිබ්බ සලකුණු ඔස්සේ මේ පැත්තට ආවේ සහෝදරී...ඔයාගෙ කතාව කියෙව්වා...නුවර කෙනෙක්....සතුටුයි.... ලියාගෙන කතාව ඇතුලේ හුඟාක් දේවල් තියෙනවා..... ඉදිරියේදී තව හුඟාක් දේවල් තියේවි...කියවන්න බලාගෙන ඉන්නවා.....ලියන්න...
ReplyDeleteඔබට ජය !
ස්තූතියි, සහෝදරී . මම ඔයාගෙ බ්ලොග් අඩවිය ගැන දැන ගත්තෙ චාන්දි අක්කාගෙන්. සතුටුයි හදුනාගන්න ලැබීම ගැන. මම තාම මේ අඩවි වලට අළුත් නිසා තෝරාගත් කීප දෙනෙක්ට තමා මෙහෙම ගියෙ. මට හොඳ අඩවි ටිකක් බලා ගන්න පුලුවන් උනා මේ ටිකේ. ඉදිරියට ඒවාට සම්බන්ධ වෙන්නම්. මට ගොඩක් වටිනවා මේ වදන් කීපය. හිටියේ ඈතක උනාට මේ ටිකේ ඉන්නෙ මෙහේ.
Deleteඅදමයි මේ පැත්තට ආවේ.. අලුත් බ්ලොග් එකක් නේ.. එල එල..
ReplyDeleteස්තූතියි ආවට. ආයෙත් හමුවෙමු.
Deletefb එකේ link 1 දැකලා තමයි බ්ලොගේ කියවන්න ආවේ! නුවර කියන්නේ අපේ අල්ලපු වැටනේ! ඵල, දිගටම ලියන්න!
ReplyDeleteස්තූතියි ආවට. අල්ලපු වැටේ කෙනෙක්ව හඳුනාගන්න ලැබීම සතුටක්.
Deleteසුභ පැතුම් .
ReplyDeleteමේ ලියන්නේ කතාවක්ද?
ඔව්, මේක කතාවක්. අලුත් නිසා වැඩි යමක් කරන්න දන්නෙ නෑ. තාම මේ අවකාශය ඉගෙන ගන්නවා. ස්තූතියි වර්ණා.
Deleteමාත් ආවෙ මූණුපොතේ ලින්ක් එකකින්... ආයෙත් ඔය පැත්තෙ එන්නම්කෝ. ජය වේවා!!!
ReplyDeleteස්තූතියි ශානි. ආයෙත් හමුවෙමු.
Deleteමමත් ආවෙ නන්දු දාලා තිබුණ ලින්ක් එකකින්. ලස්සන කතාව. දිගටම ලියන්න....ජය වේවා!!
ReplyDeleteතරු අරුන්දතී ස්තූතියි ආවට. ආයෙත් හමුවෙමු.
Deleteමේ පොස්ට් එක බ්ලොග් රෝලේ පෙන්නනේ අදයි.
ReplyDeleteකතාව ඉදිරියට අරන් යන හැටි ලස්සනයි, හොඳයි.
ඔබේ හන්තාන විස්තරය එක්කම භද්‍රජී මහින්ද ජයතිලක මහතා ගයන මගේ ප්‍රියතම සින්දුවක් බට්ටිත්තා මතක් වුනා:
http://www.infolanka.com/miyuru_gee/jjj/j106.ram
ස්තූතියි, අයියේ. අවවාදයටත් තුති. ගීතයත් හරිම ලස්සනයි.
Delete