Friday, January 13, 2012

සරත් සමයේ විහඟ ගීතය! 3

මගෙ ලොකු නංගි අමාලි, පොඩ්ඩි අංජලි. අම්ම පාසැල් ගුරුවරියක්, ඉගැන්වුයෙ මහ මායා බාලිකාවෙ. අප්පච්චි වැඩ කලේ නුවර කච්චේරියෙ. අපි හැමෝම කොළඹ එන්නෙ පුංචි බලන්න තමයි. දැන් මම කොළඹ ඉන්න නිසා නිතර අපි එහාට මෙහාට යනව. මගෙ පුංචිත් ගුරුවරියක්, බාප්පත් ගුරුතුමෙක්. එයාල දෙන්නම ඉගැන්වුයෙ පිළියන්දල පාසැල් දෙකක.  අපි තුන්දෙනා ගෙදර බොහොම සතුටින් හිටියෙ. නංගිලට මගෙ අඩුව දැනුනත් අම්මල මම හොඳින් ඉගෙන ගන්න නිසාම එයාල දෙන්නවත් උනන්දු කලා මිසක මාව නුවර නවත්වාගන්න හැදුවෙ නැහැ.

අපේ පවුලට අයිය කෙනෙක් නැති අඩුව නම් බොහෝ වෙලාවට දැනුනෙ මගෙ අප්පච්චිටයි. වෙලාවකට “අනේ! මටත් කොලු පැටියෙක් හිටිය නම්”  කියල කියන වෙලාවල් අනන්තයි. මම එතකොට “ඇයි ? අප්පච්චි මේ පොඩ්ඩි ඉන්නෙ කොල්ලෙක් වගේ ”කියල කියනව පොඩ්ඩිව අවුස්සන්නත් එක්ක.  පොඩ්ඩි හරිම දඟ කාරයි. ලොකූ නම් ටිකක් තැන්පත්. වැඩිය කලබල වෙන්නෙ එහෙම නැහැ. ඉගෙන ගන්නත් හොදයි. එයා මම වගේම ශිෂ්‍යත්වෙ පාස් උනත් අම්ම එයාව නුවරම තියා ගත්තෙ අම්මටත් කවුරුත් නැති නිසා කියල මම හිතන්නෙ. ඔන්න ඔහොමයි මගෙ පවුල. 
මාමලගෙ පවුලෙ අසංකිට තව මල්ලියෙක් හා නංගියෙක් ඉන්නවා. නංගි චතූ, මල්ලි මහේෂ්.   
එතකොට රවිඳු අයියට වැඩිමහල් අයියයි , අක්කයි. එයා බාලයා. අක්කා නිරංජලා, අයියා නිමල්. එයාගෙ තාත්තා නැහැ. අම්මා තමයි එයාලව බලා ගත්තෙ. ලොකු අයිය වැඩ කලේ වරායෙ. එයා තමයි ඒ පවුලට හෙවන දුන්නෙ. අපි හැමෝම ලොකු අයියට ගොඩාක් ආදරය කලා. එයා හරිම හොඳයි, කරුණාවන්තයි. වරදකට මිසක තරහින් කතා කරන්නෙ නැහැ. අක්කත් හොඳ කෙනෙක්. මම දැන ගන්නකොට අක්ක බාහිර උපාධියකට ලෑස්ති වෙනව.  ඔන්න ඉතින් පවුල් වල විස්තර කිවුවානෙ. ඔය කියන අය අතරෙ තමයි කතාව දිවෙන්නෙ.


ඉතින් අසංකි කිව්ව වගේ මම රවිඳු අයිය ගැන වැඩිපුර හිතුවෙ නෑ. මම මගේ විභාගෙ ගැන ඉස්සෙල්ලම හිතන්න ඕනෙ. ඒක තමයි දැනට මට තියෙන ලොකුම අභියෝගය.  අම්මයි අප්පච්චියි මම ගැන ගොඩාක් බලාපොරොත්තු තියාගෙන ඉන්නෙ. ඒ නිසා එයාලගෙ සිහින බිඳින්න මම කැමති උනේ නැහැ. ඒ නිසා රවිඳු අයියට මේ ගැන කියල තීරණයක් ගන්න ඕනෙ කියල මම හිතාගත්තා. එයත් තවම ඉගෙන ගන්න නිසා ඒක අපි දෙන්නටම හොඳයි. එහෙම හිත හිත ඉන්න කොට පුංචි ඇවිත්, මගෙ කල්පනා ලෝකෙ බිඳුන.  පහුවදා උදේ වෙනකල් මම බලා හිටිය. 


අලුත් දවසක පිනිබර උදෑසනක අයිය මම එනකල් බස් නැවතුමේ. මම ඈතදිම එයාව දැක්ක.
"ගුඩ් මෝනිං නංගි" සුබ පැතුම් මට.
" ගුඩ් මෝනිං අයිය"
"ඉතින්, කොහොමද? "
හොඳින් ඉන්නව"
"ඔයා මම කිවුව දේ ගැන හිතුවද?"
" ම්........ ඔව්, මට ඒ ගැන දැන්ම දෙයක් කියන්න බැහැ, අයියෙ, අයිය දන්නවනෙ අම්මල මම ගැන ලොකු බලාපොරොත්තු තියා ගෙන ඉන්නෙ, ඒ නිසා O/L  ඉවර වෙනකල් මට මේ ගැන හිතන්න අමාරුයි. මට ටිකක් කල් ඕනෙ ඒ නිසා."
" ඒකට  කමක් නැහැ නංගි, ඔයාට ඕනෙ තරමක් කල් ගන්න. මම ඔයා කවදාක හරි ඔයා වචනයක් දෙනකල් බල ඉන්නව හරිද"
 " ඔන්න,  ඔයාලගෙ ස්කූල් බස් එක එනව අද අසංකි නෑ නේද? "
" නෑ, එයාට අද උදේ ඩෙන්ටල් යන්න වෙල, එහෙනම් මම යනව, චෙරියෝ"


එහෙම කියල මම ස්කූල් බස් එකට නැග්ග. මම දැක්ක එයා මම දිහා බලා ඉන්නව අපි අපේ හංදිය පාස් කරනකල්ම.  එදා යන්තම් මම ඒ ප්‍රශ්නෙන් ගැලවුනා. දැන් මට පාඩම් වැඩ ගැන ඊට වඩා උනන්දු වෙන්න වෙනව. මහන්සි උනොත් හොඳට මට විභාගෙ අමාරු වෙන එකක් නැහැ. ඒක මම එවෙලෙම අදිශ්ඨාන කර ගත්ත.

4 comments:

  1. හැමදාම බලා ඉන්නවා කතාව බලන්න. ස්තූතියි! නංගි.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි! සොයුරිය. පලමුවෙන්ම සරත් සමයේ විහග ගීතය ගයන්නට ආ ඔබ සදා මතකයේ රැදේවි.

      Delete
  2. ඔබේ ලිවීමේ සරළ බව කතාව තවත් රසවත් කරනවා, පොස්ට් ඔක්කෝම කියෙව්වා. වෙලා අරගෙන දිගටම ලියන්න, ජය!

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි! අයියා. මට ‍ඔයාගෙ අදහස් ශක්තියක් වේවි.

      Delete